IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩො.මි. 22.4 ක ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් - ආයෝජන මණ්ඩලය ගිවිසුමක

 


විමුක්ති එස්. රුද්‍රිගු


ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් සමාගම සහ ආයෝජන මණ්ඩලය පසුගියදා ගිවිසුම් අත්සන් කළේය.

මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තට්ටු 34 කින් සමන්විත වන අතර එය සුඛෝපභෝගී මහල් නිවාස 102 කින් සමන්විතය. කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් මාවතේ ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පොයින්ටේ ලෙස නම් කර ඇත. එක් මහල් නිවාසයක් වර්ග අඩි 2000 කින් සමන්විත වන අතර සෑම මහල් නිවාසයක්ම නිදන කාමර තුනකින් යුක්තය.

මහල් නිවාස සංකීර්ණයේ 33 වැනි මහල එක් අධි සුඛෝපභෝගී මහල් නිවාසයක් ලෙස නිර්මාණය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන්ට අද්විතීය ජීවන අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එම සමාගම පැවැසුවේය.

 



අදහස් (0)

ඩො.මි. 22.4 ක ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් - ආයෝජන මණ්ඩලය ගිවිසුමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site