IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජීවන වියදමට සහනයක් නොදැනෙන්නේ ආර්ථිකයේ මුළු ආදායම් ඉහල නොයාමෙන්

  • 2022 වසරේදී සියයට 7.3 කින් සහ 2023 වසරේදී සියයට 2.3 කින් ආර්ථිකය හැකිලිලා
  • 2018 වසරේදී රු. ට්‍රිලියන 13.2 ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක්. එම අගය 2022 වසරේදී රු. ට්‍රිලියන 12.2 දක්වා පහළ ගිහින්
  • පසුගිය වසරේදී මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රු. ට්‍රිලියන 12.5 ක් දක්වා වැඩිවෙලා

විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වනවිට දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත් 2023 වසර සමග පසුගිය වසරේ ජීවන වියදම සංසන්දනය කළහොත් එහිදී ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

රජය කලින් කලට සේවකයන්ට වැටුප් වර්ධක ලබාදුන්නත් එම වැටුප් වර්ධක ලබා දෙන්නේ ඵලදායිතාව සලකා බලා නොවන බව ඔහු සඳහන් කළේය.උද්ධමනය පහළ යෑමේ වාසිය වර්තමානයෙත් ජනතාවට ලැබෙන බවත් නමුත් 2021 වසර සමග සංසන්දනය කළහොත් තවමත් ජනතාවට ජීවන බර දැනෙන මට්ටමක තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

උද්ධමනය පහළ මට්ටමක තිබුණත් ජනතාවගේ ජීවන වියදමට සහනයක් නොදැනීමට හේතුව ආර්ථිකයේ මුළු ආදායම් මට්ටම ඉහළ නොයාම බවත් ආර්ථිකය කඩා වැටීම ආරම්භ වීමට පෙර තිබූ තත්වයට පැමිණීමට තවත් අවුරුදු දෙක, තුනක කාලයක් අවම වශයෙන් ගත වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ඊයේ (27) ප්‍රකාශ කළේය.

මෙරට ආර්ථිකය දෙස ආපසු හැරී බලන විට 2019 සිට 2023 වසර දක්වා කාලයේදී ධනාත්මක ආර්ථික වර්ධනයක් වාර්තා කර ඇත්තේ 2021 වසරේ පමණක් බවත් අනෙක් සෑම වසරකම මෙරට ආර්ථිකය හැකිලී තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2019 වසරේ සියයට 0.2 කින් සහ 2020 වසරේදී සියයට 4.6 කින් හැකිළී තිබෙන බවත් 2022 වසරේදී සියයට 7.3 කින් සහ 2023 වසරේදී සියයට 2.3 කින් හැකිළී තිබෙන බවත් ආචාර්යවරයා පැවැසුවේය.

එලෙස මෙරට ආර්ථිකය වසර කිහිපයක්ම පහළ මට්ටමක පැවැතී ඇති බවත් ඊට ආර්ථිකය අර්බුදය, පාස්කු ප්‍රහාරය ඇතුළු හේතු කිහිපයක් බලපෑ බවත් සහකාර අධිපතිවරයා ප්‍රකාශ කළේය. ආර්ථිකය කඩා වැටීමට පෙර 2018 වසරේදී රුපියල් ට්‍රිලියන 13.2 ක මූර්ත දළ දේශීය නිෂ්පාදිතයක් තිබී ඇති බවත් එම දළ දේශීය නිෂ්පාදිතය 2022 වසරේදී රුපියල් ට්‍රිලියන 12.2 දක්වා පහළ ගොස් තිබෙන බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එය 2023 වසර වනවිට රුපියල් ට්‍රිලියන 11.9 ක් දක්වා පහළ ගොස් තිබෙන බවද ආචාර්ය සී. අමරසේකර මහතා පැවැසුවේය.

දළ දේශීය නිෂ්පාදිතය යනු ආර්ථිකයේ මුළු ආදායම බවත් එය 2019 සිට 2023 දක්වා කාලයේදී ආර්ථිකයේ ආදායම මෙලෙස පහළ ගොස් ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. පසුගිය වසරේදී මෙරට මූර්ත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් ට්‍රිලියන 12.5 ක් දක්වා වැඩි වී තිබෙන බවද ආචාර්ය අමරසේකර මහතා ප්‍රකාශ කළේය. තමාගේ මතය අනුව 2018 වසරේදී තිබූ ආර්ථිකය මුළු ආදායමට ශ්‍රී ලංකාවට ළඟා වීමට තවත් අවුරුදු දෙක තුනක් ගත වනු ඇතැයි ආචාර්ය සී. අමරසේකර මහතා පැවැසුවේය.

වැඩිවී තිබෙන මිල මට්ටම් හා ජීවන වියදම හේතුවෙන් පවුල් ඒකක වශයෙනුත් පුද්ගලයන් වශයෙනුත් තවමත් ශ්‍රී ලාංකිකයන් අපහසුතාවලට මුහුණ දෙන බව ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එක් අතකින් පසුගිය වසර කිහිපයේදී මෙරට ආර්ථිකය හැකිළී තිබෙන බවත් ඒ හේතුවෙන් ආර්ථිකයේ මුළු ආදායම පහළ බැස තිබෙන බවත් ආචාර්ය සී. අමරසේකර මහතා පැවැසුවේය.

උද්ධමනය හේතුවෙන් මූර්ත ආදායම පෞද්ගලිකව පහත වැටී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධන වේගයක් අඛණ්ඩව පවතීවි යැයි මහ බැංකුව විශ්වාස කරන බවත් එවැනි ආර්ථිකයක් මහජනතාවගේ වැටුප් වැඩිවීම සඳහා රට තුළ තිබිය යුතු බවත් සහකාර අධිපතිවරයා පැවැසුවේය. 

එවැනි ආර්ථික වර්ධනයක් රට තුළ ඇතිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එවිට ක්‍රම ක්‍රමයෙන් ජනතාවට අහිමිවූ ආදායම නැවත ලැබෙනු ඇති බවත් මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය සී. අමරසේකර මහතා ප්‍රකාශ ප්‍රකාශ කළේය.



අදහස් (0)

ජීවන වියදමට සහනයක් නොදැනෙන්නේ ආර්ථිකයේ මුළු ආදායම් ඉහල නොයාමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 694 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17847 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site