IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ

මේ දිනවල බිස්නස්වල තතු සොයා බැලීමට ගිය ගමනේදී අප ගොඩවැදුණේ දෙහිවල වෙළෙඳ නගරයේ ළමා ඇඳුම්, සෙල්ලම් භාණ්ඩ සහ පාසල් උපකරණ වෙළෙඳසලක් වන ඕසම් කිඩ්ස් වෙළෙඳ ආයතනය වෙතය. එම වෙළෙඳ ආයතනයේ ව්‍යාපාරිකයකු වන බාලසුබ්‍රමනියම් මනෝගන් මහතා මේ දිනවල බිස්නස් සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q: මේ දවස්වල බිස්නස් කොහොමද?
බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. සීසන් එකත් එක්ක බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ. ගිය මාසේ තිබුණු මට්ටමට නෙමෙයි මේ මාසේ තියෙන්නේ. බිස්නස් එක අඩු වැඩි වෙනවා. ගිය වසරට සාපේක්ෂව ගත්තාම මේ පාර සැලකිය යුතු මට්ටමකට බිස්නස් තිබුණා. 

Q: බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?
අපි භාණ්ඩ ලංකාවේ වෙළෙඳපොළෙන් තොග වශයෙන් අරගෙන ඇවිත් තමයි බිස්නස් කරන්නේ. 

භාණ්ඩවල මිල ගණන්වල වැඩිවීමක් වෙලා නැහැ. පසුගිය මිල ගණන් යටතේ තමයි තවමත් පවතින්නේ. සමහර භාණ්ඩවල පසුගිය වසරවලට සාපේක්ෂව මිල අඩුවෙලා තියෙන්නේ. භාණ්වල මිල අඩු වුණත් භාණ්ඩ මිලදී ගන්න එන පාරිභෝගිකයන් අඩුවෙලා තියෙන්නේ. 

ඒ වගේම පාරිභෝගිකයන්ට අවස්ථා තියෙනවා විවිධ තැන්වලට ගිහින් භාණ්ඩ මිලදී ගන්න. ඒ වගේම පාරිභෝගිකයෝ සැමවිටම උත්සාහ කරන්නේ භාණ්ඩයක් අඩුම මිලකට මිලදී ගන්න. සමහර අවස්ථාවල වෙළෙඳසල වෙත එන පාරිභෝගිකයෝ භාණ්ඩ අතට ගන්නේ එහි සඳහන් කරලා තිබෙන මුදල කීයද කියලා බලලා. ඒ කියන්නේ කුඩා ළමයෙක් සඳහා සෙල්ලම් බඩුවක් ගන්න එන කෙනෙක් අපි ළඟ තියෙන සියලු‍ම සෙල්ලම් බඩු අරගෙන බලලා ඒ මිල තමාට දරාගන්න පුළුවන් නම් මිලදී ගන්නවා. ඇතැම් අය මං ඇවිත් ගන්නම් කියලා ඒ අවස්ථාව මගහැරලා යනවා. පාරිභෝගිකයාගේ අතේ මුදල් සංසරණය නොවීම මීට හේතුවක් විදිහට කියන්න පුළුවන්.

මනීෂා වීරසිංහ


ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් හොඳටම හොඳයි කියන්න බැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site