භානුක අමරසිංහ
වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙම පත්වීම ලබන විටත් ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.
ඒ අනුව මැයි 27 වැනිදා සිට බලාත්මක වන පරිදි සතාසිවම් මහතා සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි. ශ්‍යාම් සතාසිවම් මහතා වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී අයත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd