
C Pearl White සන්නාමයෙන් ශාකසාර රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට සපයන C Pearl White by Chandi Gunarathna පෞද්ගලික සමාගම Business World International 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන සහ අලෙවිකරණ සමාගම ලෙස සම්මාන ලැබුවේය.
Business World International Organization ගල්කිස්ස මහ හෝටලයේදි සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂිකා වයි. එම්. චන්දි ගුණරත්න මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී.
ස්වාභාවික සහ ඉක්මන් ප්‍රතිපල ගෙනෙන රූපලාවණ්‍ය විසඳුම් සොයන පාරිභෝගිකයන්ගේ තෝරා ගැනීම් අතර ඉදිරියෙන්ම ඇති C Pearl White රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ඒ සෑම නිෂ්පාදනයක්ම සියයට 100ක් සමට හිතකර අමුද්‍රව්‍යවලින් නිපදවා ඇත. බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදනවල මෙන් කිසිදු හානිකර සංඝටකයක් අඩංගු නොවන C Pearl White නිෂ්පාදන භාවිතයෙන් කිසිදු අතුරු බලපෑමක් ඇති නොවන බව සහතික කර තිබෙන බව එම සමාගම කියයි. C Pearl White රූපලාවණ්‍ය නිෂ්පාදන අතර වයිට්නින් ක්‍රීම්, ෆෙස් ක්‍රීම්, බොඩි ලෝෂන්, ලිප් බාම්, චාකෝල් සෝප්, හෙයාර් ඔයිල්, ෆෙස් වොෂ්, ටෝනර් ප්‍රධාන තැනක් ගනී. ඒවා කුරුලෑ, කැළැල්, බ්ලැක්හෙඩ්, වයිට්හෙඩ් වැනි සාමාන්‍ය සම ආශ්‍රිත ගැටලු රැසකට විසඳුම් සපයයි. කාර්යක්ෂම මාර්ගගත අලෙවි වේදිකාවකට හිමිකම් කියන එම සමාගම සෑම විටම විශිෂ්ට පාරිභෝගික සේවාවක් තහවුරු කරයි.
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසරේ ජනප්‍රියම රූපලාවණ්‍ය නිෂ්පාදන හා අලෙවිකරණ සමාගම C Pearl White