IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම ආදායම ඇමෙරිකාවෙන්

 


විමුක්ති එස්. රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවත් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 965.97 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

එය පසුගිය වසරේ පළමු මාස හතර තුළ ඇමෙරිකාවෙන් උපයා ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 894.94 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 190.38 ක් බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 3.82 ක ඉහළ යාමක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එසේම මෙම වසරේ පළමු මාස හතර තුළදී ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා ඇත්තේ ඉන්දියාවෙන් බවත් ඉන්දියාවෙන් පළමු මාස හතර තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 334.40 ක ආදායමක් ශ්‍රී ලංකාව උපයා ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ පළමු මාස හතර තුළ ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 239.39 ක වෙළෙඳ අපනයන ආදායමක් ශ්‍රී ලංකාව උපයා තිබූ බවත් ඒ අනුව මෙම වසරේදී ඉන්දියාවෙන් උපයා ගත් වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම පසුගිය වසරේ පළමු මාස හතරට සාපේක්ෂව සියයට 39.69 ක් සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. 

 



අදහස් (0)

වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම ආදායම ඇමෙරිකාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site