IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මැක්සිස් ටයර් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව

“ජයග්‍රහණයෙහි අධිෂ්ඨානය”‍ යන තේමාව යටතේ පවත්වන ලද Maxxis වාර්ෂික සම්මාන රාත්‍රිය කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති එච්. කේ. ලී මහතා සහභාගී විය.
තායිලන්තයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් සමාගමේ ජාත්‍යන්තර අලෙවි කළමනාකාර ජැක් ලී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අංශ කළමනාකරු කෙනී මහතා, මැක්සිස් ඉන්ටර්නැෂනල් තායිවානයේ අලෙවි නියෝජිත එඩී මහතා මෙන්ම ටයර් හවුස් සමූහයෙහි සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා, ටයර් හවුස් සමුහයෙහි කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා, සමූහ අධ්‍යක්ෂ ගයාන් ෆොන්සේකා මහතා, අධ්‍යක්ෂිකා කාන්ති තලගල මහත්මිය සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන රාත්‍රීය පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා මැක්සිස් අලෙවිකරුවන් 200ක් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් ද සහභාගී වූ අතර එහිදී මැක්සිස් අලෙවිකරුවන් 60 දෙනකු කුසලතා සම්මාන හිමිකරගනිමින් ඇගැයීමට ලක්වීය. මෙහිදී 2024 වසරේ ජයග්‍රාහකයා වූ කොළඹ 02, U & H Wheel සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත පෙරේරා මහතාට හිමි ජය සංකේතය තායිවානයේ මැක්සිස් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර සමාගමේ උප සභාපති ලෙනී එච්.කේ. ලී මහතා හා ටයර් හවුස් ව්‍යාපාරයේ සභාපති ලෙස්ලි ෆොන්සේකා මහතා, කළමනාකාර අධ්‍යක්ෂක සුනිල් ෆොන්සේකා මහතා විසින් එක්ව ප්‍රධානය කරන ලදී. මෙහිදී දෙවැනි ස්ථානය කොළඹ 14 විජය මෝටර්ස් සහ ටයර් හවුස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සජිත් සංකලන දිනාගත් අතර තෙවැනි ස්ථානය රවින්ද්‍ර ලංකා ඔටෝ සර්විස් පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ එච්.ඒ.කේ. ලක්ෂ්මන් මහතා දිනාගන්නා ලදී. 



අදහස් (0)

මැක්සිස් ටයර් වාර්ෂික සම්මාන රාත්‍රිය උත්කර්ෂවත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site