IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මේ දවස්වල නම් බිස්නස් අඩුයි

බිස්නස් අඩු වීමට බලපාන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මිනිස්සු ළඟ සල්ලි නෑ. මේ තියන ආර්ථික තත්වයත් එක්ක හැම දෙයක්ම මිල වැඩියි. හාල් පොල් ගත්තත් කොච්චර ගණන්ද?

දෙහිවල 
කර්ටන් ෆැෂන් 
හිමිකරු
එන්. ශිවකුමාර්

දෙහිවල කී සැනින් කාටත් මතකයට නැගෙන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයයි. එහෙත් අප දෙහිවල බලා ගමන් කළේ මේ දිනවල බිස්නස්වල තත්වය සොයා බැලීම සඳහාය. තිර රෙදි, ඇඳ ඇතිරිලි වෙළෙඳසලක් වූ කර්ටන් ෆැෂන් වෙතය. එම වෙළෙඳ ආයතනයේ හිමිකරු වූ එන්. ශිවකුමාර් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳව දැක්වූයේ මෙවැනි අදහසකි.


Q මේ දිනවල බිස්නස් කොහොමද?


මම අවුරුදු 15 ක වගේ ඉඳන් දෙහිවල බිස්නස් කරන්නේ. සේවකයෝ 8 දෙනෙක් සේවය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස් අඩුයි. ගිය අවුරුද්දේ මේ අවුරුද්ද්ට වඩා බිස්නස් තිබ්බා. අලු‍ත් අවුරුද්දක් එද්දි ගොඩක් අය ගෙවල්වලට අලු‍තින් තිර රෙදි දානවා. ඒ නිසා ඒ කාලෙට අපිට බිස්නස් තියනවා. එහෙත් මේ අවුරුද්දේ අපිට අප්‍රේල් මාසේත් බිස්නස් අඩුයි. 


Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?


බිස්නස් අඩු වීමට බලපාන හේතු කීපයක්ම තියනවා. එකක් තමයි මිනිස්සු ළඟ සල්ලි නෑ. මේ තියන ආර්ථික තත්වයත් එක්ක හැම දෙයක්ම මිල වැඩියි. හාල් පොල් ගත්තත් කොච්චර ගණන්ද. මිනිසුන්ට කන්න බොන්න ඕන කරන දේවල්වලට වියදම් කරද්දි කර්ටන් දාන්න වගේ අමතර දේවල්වලට වියදම් කරන්න සල්ලි නෑ. ගෙදරක උත්සවයක් වගේ විශේෂම දෙයක් තිබ්බොත් තමයි දැන් ගෙදරකට කර්ටන් දාන්නේ. නැත්තම් මිනිස්සු මූලික අවශ්‍යතාවලට තමයි මුල් තැන දෙන්නේ. 
තවත් හේතුවක් තමයි ඉස්සර වගේ නෙමෙයි දැන් හැම නගරයකම වගේ කර්ටන් කඩ තියනවා. මිනිස්සුන්ට තෝර ගැනීමේ අවස්ථාව වැඩි වෙලා තියෙන්නේ. දෙහිවල ගත්තත් කර්ටන් කඩ කීපයක්ම තියනවා. මිනිස්සු හැම තැනටම ගිහිල්ලා ගණන් අහලා බලලා අඩුම තැනින් තමයි ගන්නේ. ඒකත් එක හේතුවක් බිස්නස් අඩු වෙන්න. ඔයවගේ හේතු නිසා මේ දවස්වල අපිට බිස්නස් අඩුයි. 
ශෂිකා අබේරත්න
ඡායාරූප - ඉසුරු පෙරේරා 



අදහස් (0)

මේ දවස්වල නම් බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site