IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


බලධාරීන්ට නොපෙනෙන කාන්තා ව්‍යවසායක ගැටලු

අවශ්‍ය වෙළෙඳපොළ ලබාදීමට ප්‍රාදේශීය සභාව මැදිහත් විය යුතුයි

ඇඟලුම් නිෂ්පාදනවලට අමුද්‍රව්‍ය ලබාගැනීම දුෂ්කරයි

කොරෝනා ව්‍යාප්තියත් සමග බතික් කර්මාන්තයට ලොකු බලපෑම්

ව්‍යවසායකයන්ගේ මූල්‍ය කළමනාකරණයත් තාක්ෂණික භාවිතයත් අවමයි


කුණ්ඩසාලේ - පී. එම්. රාජපක්ෂ


මධ්‍යම පළාතේ කුඩා, ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රවල නියුතු කාන්තා ව්‍යවසායකයන් පළාතේ ආර්ථික නංවාලීම සඳහා ගන්නා උත්සාහයට පළාත් පාලන ආයතන මගින් ලබා දෙන දායකත්වය ප්‍රමාණවත් නොවන බව ඔවුහු පවසති.

මෙම ව්‍යවසායක කාන්තාවෝ තම පවුලේ සියලු‍ කටයුතු ඉටු කරමින් අදායම් උත්පාදන මාර්ගයක් ලෙස කුඩා, ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්තවල නිරත වෙමින් ග්‍රාමීය සහ පළාත් පාලන බල ප්‍රදේශවල ආර්ථීකය සක්‍රීය කිරීම සිදු කරති.

මධ්‍යම පළාතේ කාන්තා ව්‍යවසායකයන් හස්ත කර්මාන්ත, ආහාර නිෂ්පාදනය, ඇඟලු‍ම්, රූපලාවණ්‍ය ආදී කුඩා, ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්තවල නිරතවන පිරිස දස දහසකට ආසන්න පිරිසකි. ඔවුහු තම පළාත් පාලන බල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ව්‍යාපාර කරති.

පළාත් පාලන ආයතන්‍ වෙත පැවරී ඇති සම්ප්‍රදායික වගකීම්වලට අමතරව ප්‍රදේශයේ පවතින ව්‍යාවසායකයන් සඳහා අවශ්‍ය සහාය සහ සහන ලබදීමේ වැඩපිළිවෙළක් සකස් කර දීම කළ යුතුව ඇත. පළාත් පාලන බල ප්‍රදේශයේ නිෂ්පාදන හා සේවා සම්බන්ධ පාර්ශ්ව විශේෂයෙන්ම සුළු හා කුඩා පරිමාණ ව්‍යවාසයකයන් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සභාවේ ආදායම් උත්පාදනය සඳහා වැඩි දායකත්වයක් ලබා ගත හැකිය.

එහිදි කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ කාර්මාන්තකරුවන් හා වගාකරුවන් දිරිමත් කිරීමට සතිපොළ වැඩසටහන සංවිධානාත්මකව ක්‍රියාත්මක කළ හැකිය. එම සතිපොළේ සෞඛ්‍ය හා ප්‍රමිතිය සහතික කිරීම නිෂ්පාදන අලෙවියට පවතින බදා අවම කිරීම, අතර මැදියාගෙන් තොරව සෘජුව නිෂ්පාදකයා හා පාරිභෝගිකාය අතර සම්බන්ධවන වෙළෙඳපොළ සංවිධානය කිරීම කළ හැකිය.

එමෙන්ම කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ කාර්මාන්තකරුවන් සඳහ අවශ්‍ය ‍යටිතල පහසුකම්, ලියාපදිංචි කිරීම්, එම ව්‍යවසායකයීන් සඳහා තම ව්‍යාපාර වැඩියියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩම්, ගොඩනැගිලි පහසුකම්, ඉදිකිරීමේ කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ හැකිය.

එමෙන්ම බොහෝ පළාත් පාලන ආයතන වෙත ගැටලු‍වක්ව පවතින කසළ කළමනාකරණය කිරීම ද කුඩා හා සුළු පරිමාණ කාර්මාන්තකරුවන් මගින් සිදු කළ හැකි අතර, ඒ හරහා රැකියා ජනනය කිරීම හා ඔවුන් මුහුණදෙන අමුද්‍රව්‍ය ගැටලු‍ව සඳහා විසදුම් ලබා දිය හැකිය.

ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා මගින් සුළු හා ක්ෂුද්‍ර පරිමාණ කර්මාන්ත පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දීමේ මූලික වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරි ඇත. එම මෙම කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාවසායක කාන්තාවන් අපේක්ෂිත සේවය සම්බන්ධයෙන් ඔවුහු මෙසේ අදහස් දැක් වූහ.

 පන් ආශ්‍රිත හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබන ව්‍යවසායවක වන මහනුවර වජිරා දමයන්ති මහත්මිය: අපේ නිෂ්පාදන දේශීය අලෙවිය ඉතාමත් අඩුයි. ඒ හේතුවෙන් ඒවාට විදේශිය වෙළෙඳපොළ සකස් කර ගැනීමට සහාය අවශ්‍යයි. ප්ලාස්ටික්, පොලිතින්, අලු‍මිනියම් වැනි පරිසරයට අහිතරකර නිෂ්පාදන ප්‍රවර්ධන කිරීම අඩු කළ යුතුයි. අප වැනි නිෂ්පාදකයන් කරන පරිසර හිතකාමි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ අවස්ථා සලසා දෙන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා සිටිනවා. දැනටමත් අපේ භාණ්ඩ ජාතික ශිල්ප සභාව, කර්මාන්ත අමාත්‍යාංශය ආදී ආයතන විසින් ලබා ගන්නවා. එහෙත් පළාත් පාලන ආයතන මැදිහත් වෙලා ප්‍රාදේශීය වශයෙන් අපට අවශ්‍ය වෙළෙඳපොළ ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

 රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඇඟලු‍ම් ආශ්‍රිත ව්‍යවාසායිකාවක වන එස්. එව්. එම්. සුනිතා හේරත් මැණිකේ: ඇඟලු‍ම් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමේ ගැටලු‍වක් මේ වන විට පවතිනවා. දැනට මම තවත් කාන්තාවන් හය දෙනෙක් මේ සඳහා යොමු කරගෙන තිබෙනවා. තාක්ෂණ දැනුම ආදිය තිබෙනවා. 

මෙම ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම සඳහා ඉඩ පහසුකම් සලසා ගැනීමට ප්‍රාදේශීය සභාව වැනි ආයතනවලින් කටයුතු කරනවා නම් මේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කිරීමට හැකියාව තිබෙනවා. අඩු මුදලකට හෝ සහන මිලකට එවැනි පහසුකම් සලසන්නේ නම් ව්‍යාපාර තවදුරටත් දියුණු කර ගැනීමේ හැකියා පවතිනවා.

 

මුරුතලාව ප්‍රදේශයේ බතික් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන එම්. එම්. ශ්‍රීයානි කුමාරි: කෙරෝනා ව්‍යාප්තියත් සමග අපගේ කර්මාන්ත සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. පසුව අපගේ උත්සාහයෙන්ම නැවත මෙම කර්මාන්ත යම් මට්ටමකට ගොඩනගා ගත්තා. ඒ අවස්ථාවලදී වුවත් අපට පළාත් පළාන ආයතනවලින් ලබා දුන් සහාය මදියි. එහෙම සහාය ලබා දුන්නා නම් අපි මීට වඩා සාර්ථකව මේ ව්‍යාපාර අද වන විට සිදු කරගෙන යනවා.

මේ වනවිට ශිල්පීන් මුහුණු දෙන ප්‍රධාන ගැටලු‍වක් වන්නේ අමුද්‍රව්‍ය ගැටලු‍වයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසාදීම අවශ්‍යයි. එමෙන්ම ආනයනික බතික් නිෂ්පාදන විශාල ප්‍රමාණයක් මෙම කර්මාන්තයට තර්ජනයක් වී තිබෙනවා. 

අපගේ කර්මාන්ත කරගෙන යාමේදී පවතින යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවස්ථාව සලසා දීය යුතුයි. විශේෂයෙන්ම ආපදා තත්වය සහිත ස්ථානවල පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර සඳහා අවශ්‍ය සහාය ලබා දීම කළ යුතුයි. මේ වන විට කරගෙන ගිය ව්‍යාපාරික ස්ථානය නාය යෑමකට ලක් වීම නිසා ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නවතා වෙනත් ස්ථානයකට රැගෙන යාමට සිදු වූවා. ඒ නිසා ව්‍යාපාර රැකගැනීම සඳහා එවැනි ආපදා සහිත අවස්ථාවලදී ප්‍රාදේශීය සභාව වැනි ආයතන මූල් වී කටයුතු කරන්නේ නම් ව්‍යවසායකයන්ට ශක්තියක්.

 

‍මහනුවර තැන්නේකුඹුර රූපලාවණ්‍ය ශිල්පී සහ පුහුණු උපදේශීකා සුබෝධිනි මධුවන්ති මහත්මිය : රූපලාවණ්‍ය ආයතනයක් ලෙස පළාත් පාලන ආයතනවල ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමේදී ගැටලු‍ රැසකට මුහුණුපෑමට සිදුව තිබෙනවා. ඒ වගේම ප්‍රචාරක දැන්වීම් පුවරු සඳහා වාර්ෂිකව ඉතා ඉහළ මිලක් අය කරනවා. එවැනි අය කිරීම් කුඩා පරිමාණයේ රූපලාවණ්‍ය ශිල්පීන්ට දරා ගන්න අපහසුයි. ‍

එමෙන්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය මේ වන විට ග්‍රාමීය මට්ටමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. කාන්තාවන් හා තරුණ තරුණියන් විශාල පිරිසක් මේ සඳහා යොමු වී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය නිපුණතා සහතිකය (NVQ) ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමිතිගත පුහුණු වැඩසටහන් පළාත් පාලන ආයතන හරහා ලබා දීමට කටයුතු කරනවා නම් ඉතා හොඳ වැඩසටහනක් වේවි. 

එමෙන්ම රූපලාවණ්‍ය ආයතනවලින් ඉවත් කරනු ලබන කසළ බැහැර කිරී‍ම අද වන විට විශාල ගැටලු‍වක් වී තිබෙනවා. පළාත් පාලන ආයතන බොහොමයක් මේ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් සකස්කර නැහැ. මේ සඳහාද විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

 

 ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ ප්‍රථම කාන්තා සභාපතිනිය සහ ශ්‍රී ලංකා ව්‍යාවසායක කාන්තා සංසදයේ වත්මන් නායිකා ෂර්ලි ජයවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය.

කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාවසායකයන් ශ්‍රී ලංකාව සහ ආසියාව සමග සසඳා බැලීමේදී කාන්තාවන් ප්‍රතිශතය පසුගිය කාලයට සාපේක්ෂව මේ වන විට යම් ප්‍රමාණයක් වැඩි වී තිබෙනවා. කාන්තා ව්‍යාවසායකයන්ට ඉදිරියට ඒමට බාධා රැසක් පවතිනවා. ඔවුන් තුළ මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර පවත්වාගෙන යාම හා තාක්ෂණය භාවිතය ඉතා අඩු මට්ටමක පවතින්නේ.

මෙම කාන්තාවන් බොහොමයක් තම දරුවන් හා පවුලේ කටයුතු ඉටු කරමින් මෙම ව්‍යාපාර කරගෙන යන්නේ, ඒ හේතුවෙන් ඔවුන්ට නවීන තාක්ෂණයට අනුව මාර්ගගත වේදිකා ඔස්සේ  (Digital Platform) ව්‍යාපාර කිරීමේ දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා පළාත් පාලන ආයතනවලට යම් වැඩසටහන් දියත් කිරීමේ හැකියාව පවතිනවා. වත්මන් රජය කරගෙන යනු ලබන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඵලදායි ලෙස යොදා ගත හැකියි.

ව්‍යාපාර ආරම්භ කිරීම හා ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබා දීම, ප්‍රාදේශීය වශයෙන් නොමිලේ පුහුණුව ලබාදීම, ව්‍යාවසායක අත්දැකීම් හුවමාරු කීරීම, ව්‍යාපාර සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ආදීය ප්‍රාදේශීය සභා, නගර සභා මගින් දීම සිදු කළ යුතුයි.

එමෙන්ම දැනට සිටින සුළු හා කුඩා පරිමාණ දිරි ගැන්වීම, නව ව්‍යාවසායකයන් හඳුනා ගැනීම සඳහා අවස්ථා ලබාදීම, රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා මෙම ව්‍යවසායකයන් අතර, සම්බන්ධීකරණය ගොඩ නඟා ගැනීමට අවශ්‍ය දායකත්වය පළාත් පාලන ආයතන මගින් කළ හැකියි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා : කුඩා හා ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයන් අදාළ පළාත් පාලන බල ප්‍රදේශයේ ලියාපදිංචී වී සිටින්නේ ඉතා කුඩා ප්‍රමාණයක පිරිසක්. වැඩි පිරිසක් ලියාපදිංචිය ලබා ගන්නේ නැහැ. ව්‍යවසායකයන්ගේ පැත්තෙන් බැලීමේදී ඔවුන්ට අවාසි සහගත තත්වයක්. ඔවුන්ට එසේ ලියාපදිංචීවීමෙන් වාසියක් අත්වන බව දැනුවත් වී නැහැ. ඒ නිසා ඔවුන් ලියාපදිංචිය ලබා ගැනීමට මැළිකමක් දක්වනවා.

කුඩා මට්ටමේ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාරවලට ජල හා විදුලි බිල් ආදිය වැයවීම සීමිත මට්ටමේ පවතිනවා. ප්‍රවාහන, අමුද්‍රව්‍ය, සඳහා අවම වියදමක් දැරීම සිදු කරනවා, ඒ හේතුවෙන් වියදම ඉතා ඉහළ මටටමක පවතිනවා.



අදහස් (0)

බලධාරීන්ට නොපෙනෙන කාන්තා ව්‍යවසායක ගැටලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1636 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 560 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 643 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site