IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කිරි අගය දාමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 10 ක්

නිමල කොඩිතුවක්කු
කිරි ගොවීන් සංවිධානගත කර බලගැන්වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම් සහ කිරි අගය දාමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලෝක බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කෘෂිකර්ම අංශය දියුණු කිරීම සඳහා වෙන්කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 10 ක අරමුදල් උපයෝජනය කරමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් “කිරි ගොවිපොළ ඵලදායිතාව ඉහළ නංවා කිරි අගය දාම සංවර්ධනය කිරීමේ” ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
ඒ සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී තිබේ. 
කිරි නිෂ්පාදනය සඳහා විභවතාවයක් පවතින අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම, මාතලේ, මහනුවර, නුවරඑළිය, ගම්පහ, අම්පාර, බදුල්ල, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක 12 ක යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.



අදහස් (0)

කිරි අගය දාමය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට ඩොලර් මිලියන 10 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site