බේබි ෂෙරමි-ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය වාර්ෂික සම්මේලනයේදී අත්වැල් බැඳ ගනී
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ළදරු සත්කාරක සන්නාමයක් වන බේබි ෂෙරමි, ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සමඟ 27 වැනි වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය 2025 දී සහයෝගීතාවක් ඇති කර ගනිමින් ළදරු පෞද්ගලික සත්කාරක ක්ෂේත්රයේ සිය නායකත්වය සහ ළදරුවන්ගේ සුරක්ෂිතබව, යහපැවැත්ම සහ සංවර්ධනය කෙරෙහි ඇති කැපවීම යළිත් තහවුරු කළේය. ශ්‍රී ලංකාව පුරා සිටින ළමා රෝග විශේෂඥයන් සහ වෛද්‍ය සිසුන් මෙම සම්මේලනයට එක්විය.