මෙතෙක් අවධානයට ලක්නොවූ සමාගම් වලකොටස් කෙරෙහි දේශීය සුළු ආයෝජකයෝ අවධානය යොමු කර ඇති බව පෙනේ. පසුගිය සතිය පුරා විදේශ විකිණිම් ඉහළ ගිය අතර එම සියලු කොටස් දේශීය සුළු හා ආයතනික ආයෝජකයන් මිලදී ගැනීම කැපී පෙනෙන සිද්ධියකි. රක්ෂණ, බැංකු, ලීසිං සමාගම් සහ බලශක්ති අංශවල කොටස් කෙරෙහි අද දිනයේ ද වැඩි අවධානයක් පවතිනු ඇතැයි විශ්වාස කෙරේ. කොටස් වෙළෙඳපොළ තරගකාරීත්වය තව දුරටත් පවතිනු ඇත.
ඉකුත් (ඔක් 17) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,633.80 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 217.80 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,263.03 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 36.39 ක වර්ධනයක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 11.28 ක් ලෙස සඳහන්ය. එය මෙම මාසය තුළ දෙවැනි වතාවටත් බිලියන දහය ඉක්මවීමකි. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 38,472 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 282.6 ක් විය. සමාගම් 170 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 79 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 58.7 ක වැනි ඉහළ තැනෙක විය.
මෙදින ගනුදෙනුවල දී විදේශ ආයෝජකයන් රුපියල් මිලියන 1,551 ක කොටස් විකුණන ලද අතර විදේශ මිල දී ගැනීම් රු. මිලියන 157 කි. ශුද්ධ විනිමය ආපසු ගලායෑම රු. මිලියන 1,396 කි. මහාරාජා ෆුඞ් වරණීය කොටස් නිකුතුවක් කරන අතර කොටසකට ශත දහය බැගින් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.
හරිශ්චන්ද්‍ර රු. මිලියන 2,587 ක්, සණස ඩිවෙලොප්මන්ට් බැංකුව රු. මිලියන 1,101 ක්, ඩී.එෆ්,සී.සී බැංකුව රු. මිලියන 931 ක්, පීපල්ස් ලීසිං රු. මිලියන 334, රීල් ප්‍රොපටි රු. මිලියන 287 ක්, ලංකා අයි, ඕ.සී. රු. මිලියන 212 ක්, පෑන් ඒෂියා රු. මිලියන 207 ක්, එල්.වී.එල්. එනර්ජී රු. මිලියන 180 ක්, හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 163 ක් සහ සමූපකාර රක්ෂණ රු. මිලියන 152 ක්, තෝකියෝ සිමෙන්ති රු. මිලියන 139 ක් වශයෙන් වැඩිම පිරිවැටුමක ක්රියාකාරීත්වයක් දැක්විය.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදේශ විකිණීම්වලින් පසුගිය සතියේ රටට අවාසියක්