සොෆ්ට්ලොජික් ස්ටොක් බ්‍රෝකර්ස් බණ්ඩාරවෙලට
සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් (පෞද්.) සමාගම සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ නවතම ශාඛාව බණ්ඩාරවෙල නගරයේදී පසුගිය දා විවෘත කරන ලදී. මේ සමග එම ආයතනයෙහි දිවයින පුරා විහිදි සමස්ත ශාඛා ගණන අටක් දක්වා ඉහළ ගිය අතර, එමඟින් කොළඹ, ගාල්ල, මහනුවර, මීගමුව, පානදුර, යාපනය හා බණ්ඩාරවෙල යන නගර ආවරණය කරයි.