ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන්නේ ආසන 50ත් 70ත් සහිත ගුවන් යානා
භානුක අමරසිංහ
මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් දියුණු කිරිමට නම් රට තුළ දැරිය හැකි මිලකට අභ්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයකු වන පීටර් හිල් මහතා සඳහන් කරයි.
තමන් මේ වනවිට එවැනි අභ්‍යන්තර ගුවන් සමාගමක් ආරම්භ කිරිම සඳහා අදාළ ආයෝජකයන් සමගින් කටයුතු කරමින් සිටින බවත්, ඒ සම්බන්ධයෙන් බලධාරීන්ද දැනුවත් කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මාස හයක කාලයකදී එය ආරම්භ කිරිමට බලාපොරොත්තු වන බවත් පීටර් හිල් මහතා මෙහිදී අනාවරණය කළේය.
“ඒත් අද කොළඹ ඉඳන් තවමත් යාපනය, නැගෙනහිර වෙරළ තීරය වගේ තැනකට යන්න බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා හොඳම උත්තරය තමයි මේ අභ්‍යන්තර ගුවන් සේවා යළිත් ක්‍රියාත්මක කිරීම.“
එහිදී එයාර් ටැක්සි සේවය සුදුසු වුවත්, එය භාවිත කළ හැක්කේ සීමිත පිරිසකට බව ඔහු පවසයි. එසේම හෙලිකොප්ටර් සේවාද ඊට වඩා මිල අධික බව පෙන්වා දෙන ඔහු රටට වඩාත් සුදුසු වන්නේ කාටත් දැරිය හැකි මිලකට ලබා දෙන අභ්‍යන්තර ගුවන් සේවා බව ඔහු අවධාරණය කළේය.
“පුද්ගලයන් 50ත් 70ත් අතර පිරිසකට ගමන් මලු සමගින් වඩාත් සුවපහසුව යාම සඳහා ගැළපෙන ගුවන් යානා අවශ්‍ය වෙනවා. එවැනි ගුවන් යානා දැනටමත් ලෝක වෙළෙඳපොළේ තිබෙනවා. ලෝකයේ හැම තැනකම මෙවැනි යානා යොදා ගත්තත්, ඇයි තවමත් ලංකාවේ ඒ දේ වෙන්නේ නැත්තේ.“
එහිදී පෞද්ගලික අංශය තවමත් ඒ සඳහා ඉදිරිපත්ව නොමැතිවිම ඊට හේතුව බව ඔහු සඳහන් කළේය. ඒ අනුව ආසන හතක කුඩා ගුවන් යානා සහ ආසන හතරක හෙලිකොප්ටර් යානාවල සිට ආසන 70ක් පවතින ගුවන් යානා දක්වා මෙම අභ්‍යන්තර ගුවන් සේවය දියුණු කිරීමට සියල්ලන්ම එකට එක්විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකන් හිටපු ප්‍රධාන විධායක පිටර් හිල්ගෙන් අභ්‍යන්තර ගුවන් සේවයක්?