IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


රේගුවේ ආදායම් ඉලක්කයෙන් සියයට 90ක් සපුරා අවසන්

  • මෙම වසරේ ශ්‍රී ලංකා  රේගුවේ ආදායම්  ඉලක්කය රු.බි. 2,115 ක්
  • පසුගිය වසරට සාපේක්ෂව  සියයට 36.2 ක වර්ධනයක්
 
විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ ආදායම් ඉලක්කයෙන් සියයට 90 පසුගිය 20 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව සපුරා අවසන් බවත් මෙම වසරේ සෑම මසකම ආදායම් ඉලක්කය සැලකිය යුතු ප්‍රමාණයකින් රේගුව පසුකර තිබෙන බවත් නවතම දත්ත වාර්තා පෙන්නුම් කළේය.
මෙම වසර සඳහා ශ්‍රී ලංකා රේගුවට රුපියල් බිලියන 2,115 ක ආදායම් ඉලක්කයක් තිබෙන අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 36.2 ක වර්ධනයකි. පසුගිය වසරේදී රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,553 ක් විය. පසුගිය 20 වැනිදා වනවිට ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,906 ක ආදායමක් උපයා තිබූ අතර, එය මෙම වසරේ ආදායම් ඉලක්කයෙන් සියයට 90 ක ප්‍රතිශතයකි. පසුගිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 253.2 ක් වාර්තාගත ආදායමක් උපයා ගෙන තිබූ අතර, පසුගිය 16 වැනිදා ඉතිහාසයේ එක් දිනකදී ශ්‍රී ලංකා රේගුව උපයා ගත් වැඩිම අදායම වූ රුපියල් බිලියන 24.9 මුදල උපයා ගෙන තිබිණි.
ශ්‍රී ලංකා රේගුවේ මෙම ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් එහි අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ප්‍රකාශ කර සිටියේ රේගුවට මෙම වසරේ ආදායම් ඉලක්කය පහසුවෙන් පසුකර යා හැකි බවයි.



අදහස් (0)

රේගුවේ ආදායම් ඉලක්කයෙන් සියයට 90ක් සපුරා අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 389 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 441 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 407 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site