මේ වසර තුළ සමුද්‍රීය කර්මාන්තයෙන් ඩො.මිලියන 100ක ආදායම් අපේක්ෂාවක්
2024 වසරේදී බෝට්ටු නිෂ්පාදන කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඩො.මි. 41ක්
භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ බෝට්ටු නිෂ්පාදකයන් ඉන් නොනැවතී හැකි ප්‍රමාණයෙන් නැව් නිෂ්පාදනයටත් පිවිසිය යුතුව තිබෙන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට රජය සැමවිටම සූදානම් බවත් ඒ මහතා සඳහන් කරයි.
පසුගියදා කොළඹදී පැවැත්වුණු Boat & Marine Show 2026 ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය. “අපි බෝට්ටුවලින් නතර වෙන්න ඕනේ නෑ. නිෂ්පාදකයන් තමන්ට හැකියාවක් තියෙනවා නම් නැව් නිෂ්පාදනයටත් පිවිසෙන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා.“
මෙහිදී බෝට්ටු නිෂ්පාදනය සඳහා මුහුදත් සමගින් සම්බන්ධ වන ස්ථානවල අඩුවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි ස්ථාන වෙත බෝට්ටු ප්‍රවාහනයේදී නිෂ්පාදකයන් බොහෝ ගැටලුවලට මුහුණ දෙන බවත් සඳහන් කළේය.
ඒ යටතේ පළමු බෝට්ටු දියත් කිරීමේ වේදිකාව බේරුවල ඉදි කරමින් පවතින බවත්, ලබන මාර්තු මාසයේදී පමණ එය කර්මාන්තය වෙත භාරදීමට හැකියාව ලැබෙනු ඇති බවත් සඳහන් කළේය.
“පසුගිය වසර පහක කාලය පුරා මේ බෝට්ටු නිෂ්පාදනය ඇතුළු සමුද්‍රීය කර්මාන්ත හෙවත් නීල ආර්ථිකය හරහා අපි උපයාගෙන තියෙන්නේ ඩොලර් මිලියන 200ක වගේ මුදලක්.
එහෙත් එය අපි ඇත්තටම ලබා ගත යුතු අදායම නෙමෙයි. ඉදිරියේදී එය වෙනස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වසර තුළදී පමණක් එම ආදායම ඩොලර් මිලියන 100ක් බවට පත් කළ හැකි බව අපේ විශ්වාසයයි.“
අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත අනුව මේ වනවිට රට තුළ බෝට්ටු සහ යාත්‍රා නිෂ්පාදන සමාගම් 20ක් පමණ ක්‍රියාත්මක වන අතර ලැබුණු අපනයන ආදායම ඩොලර් මිලියන 41 කි.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
බෝට්ටු නිෂ්පාදකයන් ඉන් නොනැවතී නැව් නිෂ්පාදනයටත් පිවිසෙන්න ඕනෑ