
ශ්‍රී ලාංකික මෝටර් රථ අලෙවියෙන් පසු සේවා සපයන ආයතන හා අත්වැල් බැඳගත් නිව්සෝන් හෝල්ඩිංග්ස් පෞද්ගලික සමාගම වසර 11ක ඉතිහාසයක් සමගින්, මෝටර් රථ අලෙවියෙන් පසු සේවා සඳහා අවශ්‍ය සියලුම Car Care Products, Workshop Tools & Equipment සහ අනෙකුත් සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කටයුතු කරමින් පවතී.
මෙම අරමුණ සාර්ථක කර ගැනීම සඳහා සමාගම ලොව ඉහළ පෙළේ සන්නාම වන 3M, Meguiars, Normfest, Precision4Tech, Supu, BSF ආදිය සමග අත්වැල් බැඳගෙන ක්‍රියාත්මක වේ.
සමාගමේ ප්‍රධාන ශාඛාව තලංගම උතුර, කොස්වත්තේ පිහිටා ඇති අතර, සේවා ජාලය පුළුල් කිරීමේ අරමුණින් නවතම ශාඛාව මහනුවර පේරාදෙණිය, ගන්නෝරුව මංසන්ධියේ 2025 ඔක්තෝබර් 8 වැනි දින උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
මෙම විශේෂ අවස්ථාවට සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රංග මායාදුන්න මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ නලින් පෙරේරා සහ අනුර නිශාන්ත යන මහත්වරු සහභාගී වූ අතර, නිව්සෝන් ආයතනයේ ව්‍යාපාරික සහකරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
නව ශාඛාව විවෘත කිරීම සමරනුවස්, එදින සොඳුරු පාරිභෝගික හමුවක්ද සංවිධානය කරනු ලැබීය.
මෙම නව ශාඛාවත් සමග නිව්සෝන් හෝල්ඩිංග්ස්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ නව මට්ටමක් පිහිටුවමින්, ගනුදෙනුකරුවන්ට වැඩි සේවා පහසුකම් සහ විශ්වාසදායකත්වය ලබාදීමට තවත් එක් පියවරක් ගනී.
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිව්සෝන් හෝල්ඩිංග්ස් නව ශාඛාව පේරාදෙණිය-ගන්නෝරුෙව්දී විවෘත කෙරේ