IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලංකාවේ ලක්ෂයකට වැඩිම බැංකු ශාඛා ඇත්තේ උතුරු පළාතේ

  • 2009 දී ශාඛා 9.9ක් වූ එම පළාතේ බැංකු  ඝනත්වය 2025 දී ශාඛා  21.8ක් දක්වා ඉහළට 
  • බස්නාහිර පළාතේ බැංකු ඝනත්වය ලක්ෂයකට  ශාඛා 19.9ක් 
භානුක අමරසිංහ 
2025 වසරේ දෙවැනි කාර්තුව වන විට මෙරට පළාත් අනුව වැඩිම බැංකු ශාඛා ඝනත්වයක් පවතින්නේ උතුරු පළාත සතුව බව වාර්තා වෙයි. ඒ අනුව මෙය ලක්ෂයක ජනතාවක් සඳහා බැංකු ශාඛා 21.8කි. 
මෙහිදී යුද ගැටුම් අවසන් වුණු 2009 වසරේදී ලක්ෂයකට බැංකු ශාඛා 9.9ක් ලෙස පැවැති බැංකු ඝනත්වය හා සැසඳීමේදී මෙය කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. එසේම මෙම පළාත සතු අඩු ජනගහනයද ඊට හේතුවක් වී ඇත. 
මේ අතර 2025 දෙවැනි කාර්තුව වනවිට දෙවැනියට වැඩිම බැංකු ඝනත්වයක් පවතින්නේ බස්නාහිර පළාත සතුවයි. එය ලක්ෂයකට බැංකු ශාඛා 19.9ක් ලෙස පවතී. 2009 දී මෙය 18.3 ක අගයක පැවතුණි. එහිදී බස්නාහිර පළාත සතු ඉහළ ජනගහනයද ඊට ප්‍රධාන වී තිබේ. 
එසේම 2025 දෙවැනි කාර්තුව වනවිට නැගෙනහිර පළාත තුළ මෙම අගය 16.2ක්, දකුණු පළාත තුළ 16.1ක්, උතුරු මැද පළාත තුළ 15.7ක් ලෙසද මෙම ඝනත්වය සටහන්ව තිබේ. 
මීට අමතරව ඌව පළාත තුළ 14.7ක්, මධ්‍යම පළාත තුළ 14.3ක්, වයඹ පළාත තුළ 13.6ක්, සහ සබරගමුව පළාත තුළ 13.1ක් ලෙස ලක්ෂයක ජනතාවක් සඳහා වන බැංකු ඝනත්වය සටහන්ව තිබේ. මෙහිදී විශේෂයෙන්ම 2009 වසරට සාපේක්ෂව 2025 වසර වනවිට රට තුළ බැංකු ඝනත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර, එය රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය (financial Inclusion)  පිළිබඳ දර්ශකයක් බවත් පැවසෙයි.



අදහස් (0)

ලංකාවේ ලක්ෂයකට වැඩිම බැංකු ශාඛා ඇත්තේ උතුරු පළාතේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site