
Sunbeam Technologies පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළSLIM SME Development (SMEDA)සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකුත් Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සූර්ය බල ශක්ති විසඳුම් සපයන්නාට හිමි සම්මානයත් දිනා ගත්තේය. ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන පුනර්ජනනීය බල ශක්ති සමාගමක් ලෙස Sunbeam Technologies පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා තිබේ.
ඔවුන් හඳුන්වා දී ඇති විශ්වසනීය සහ දැරිය හැකි මිල ගණන් යටතේ එන බල ශක්ති විසඳුම් සඳහා ඇත්තේ විශාල ඉල්ලුමකි. උසස් ක්‍රියාකාරිත්වයක් සහිත සූර්ය බල ශක්ති විසඳුම් නිපදවන එම සමාගම iko, REC, ABB, Fronius, Solis, Huawei වැනි ගෝලීය සන්නාම සමග ශක්තිමත් හවුල්කාරිත්ව ඇති කර ගෙන තිබේ. සෑම නිෂ්පාදනයක් සඳහාම වසර 5-30 අතර, වගකීම් සහතිකයක් දෙන බැවින් පාරිභෝගික විශ්වාසය වඩාත් තහවුරු වී ඇත
ශ්‍රී ලංකා සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ, ලංකා විදුලි බල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අනුමැතිය සහිත Sunbeam Technologies දිවයින පුරා සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1000කට අධිකය. “ප්‍රධාන සම්මාන දෙකක් දිනා ගැනීමෙන් ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ පාරිභෝගික තෘප්තිය සඳහා අප සතු කැපවීම තහවුරු වෙනවා. උසස් තාක්ෂණය, ගෝලීය හවුල්කාරිත්ව සහ දේශීය විශේෂඥතාව සමග කාබන් රහිත අනාගතයක් සඳහා වන දැක්ම යථාර්ථයක් කර ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම අපගේ අපේක්ෂාවයි” සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
Sunbeam Technologies සමාගමට SLIM SMEDA හා Asia Miracle සම්මාන