පෑන් ඒෂියා පවර් පීඑල්සී සමාගම අම්පාර, දීඝවාපිය ප්‍රදේශයේ පිහිටවූ 5MW ක ගොඩබිම පිහිට වූ සූර්ය බලාගාර ව්‍යාපෘතිය පසුගිය ඔක්තෝබර් 17 වැනිදා අම්පාර ග්‍රිඩ් උපපොළ හා සම්බන්ධ කළ බව පවසයි.
ඒ අනුව මෙය එම සමාගම මගින් ජාතික පද්ධතියට එක් කරන 5MW ධාරිතාවකින් යුත් ගොඩබිම සවිකළ සූර්ය බලාගාර ව්‍යාපෘති හත අතරින් පස්වැන්න ලෙස ඉතිහාසයට එක්වන බවත් සමාගම පවසයි. 2024 වසරේ තෙවැනි කාර්තුවේදී එම සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය අතර අදාළ බලශක්ති මිලදී ගැනීම සම්බන්ධ එකඟතාව ඇති විය. මෙම ව්‍යාපෘතිය එම සමාගමේ පරිපාලිත සමාගමක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, එම දිනයේ සිට එහි ආදායම් ඉපැයීම ආරම්භ කෙරෙන බවත් සමාගම සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd