විමුක්ති එස් රුද්‍රිගු
මූල්‍ය ආයතනයක් ලබාදී ඇති ණයකට, එම ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය ලෙස අයකිරීමට හැකියාවක් නොමැති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීරණය කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මූල්‍ය ආයතනයකින් ඩිරාම් ලක්ෂ 7 ක් ගත් පාර්ශ්වයකට පොලියත් සමග ඩිරාම් මිලියන 1.553 ක් ගෙවන ලෙස එරට අහියාචනධිකරණය ලබාදුන් තීන්දුවක් බලරහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.
ඩිරාම් 634,000 ක් සහ 66,000 ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බැංකුවකින් ණයක් ලෙස ලබාගෙන ගෙවීම පැහැර හැරීමෙන් පසුව ණය ලබාදුන් බැංකුව පැහැර හැරී ණය සඳහා ඩිරාම් මිලියන 1.919 කුත් එතෙක් සියයට 11.25 ක වාර්ෂික පොලියකුත් ගෙවන ලෙස බලකරමින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමත් සමග දෙපාර්ශ්වය අතර මෙම නීතිමය සටන ඇරැඹී තිබිණි.
පසුව චූදිත පාර්ශ්වය අභියාචනාධිකරණය හමුවට ගොස් තිබූ අතර එහිදී ඩිරාම් මිලියන 1.553 ක් ගෙවන ලෙස චූදිත පාර්ශ්වයට අභියාචනාධිකරණය නියෝග කර තිබුණේය.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
490
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දුන් ණයට වඩා වැඩි මුදලක් පොලිය ලෙස අයකරන්න බෑ - එක්සත් අරාබි එමීර් ශ්‍රේෂ්ඨාධිකරණය