කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී විදේශ සහභාගීත්වය සීමා වී තිබේ. පසුගිය සතියේ දී ද මෙම ප්‍රවණතාව පැවැතිණි. ඉකුත් සතියේ අවසාන දින දෙක මිල දී ගැනීම් වර්ධනය වන ප්‍රවණතාවක ආරම්භයක් නිරීක්ෂණය කළ හැකි වූ නමුත් ගනුදෙනු සතිය තුළ ආයෝජන බැහැරවීමකින් අවසන් විය. රුපියල් මිලියන 737 ක මිල දී ගැනීම් සනිටුහන් වූ අතර විකිණීම් රුපියල් මිලියන 1,015 කි. සෘජු හෝ වක්‍ර වශයෙන් රටට විනිමය අවශ්‍යම කාලසීමාවක් තුළ කොටස් වෙළෙඳපොළේ සිදුවන මුදල් ඉවත්කරගැනීම් සම්බන්ධ පසුබිම පරීක්ෂාකාරී විය යුතුව තිබේ.
ආර්ථික වර්ධනය ගැන කරුණු පැහැදිලි කරන අතර අඩුම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට පහක් දක්වා විදේශ ආයෝජන රටට අවශ්‍ය බව ප්‍රකාශ වී තිබේ. කොටස් වෙළඳාම ද විදේශ ආකර්ෂණය සහිත ස්ථානයක් විය යුතුය. මෑත භාගයතුළ වේගවත් වර්ධනයක් පෙන්වන ලද නමුත් සමස්ත දායකත්වය දේශීය සුළු හා ආයතනික ආයෝජනවලට බර වී ඇත. කොටස් මිල ගණන්, ලාභාශ හා බදු අය කරන ආකාරය පමණක් නොව විනිමය අනුපාතිකය මගින් ඇතිකරන තත්වය ද විදේශීය ආයෝජකයන් ගේ වටපිටාවට ගැළපේ ද යන්න සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීම සුදුසුය.
ඉකුත් සිකුරාදා (ඔක්. 24) ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,812.52 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 38.43 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,275.65 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 6.78 ක සුළු දියුණු සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.61 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 43,277 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 213.3 ක් විය. සමාගම් 120 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 135 කි.
බලශක්ති, ප්‍රාග්ධන භාණ්ඩ, ප්‍රවාහන, පාරිභෝගික සේවා, සන්නිවේදන සහ ගෘහ මෙවලම්, ක්ෂේත්‍රවලට අයත් සමාගම්වල වර්ධනයක් සනිටුහන් කෙරිණ. භාණ්ඩ, වාණිජ සේවා, ඔටෝමොබයිල්, පාරිභෝගික සේවා, ආහාර පාන, බැංකු, මුල්‍යවැනි කෂේත්‍රවල පිබිදීමක් ඇති විය. ලක්ෂපාන කොටසකට ශත හැත්තෑ පහක් සහ කොළඹ තේබ්‍රෝකර්ස් කොටසකට ශත හැටක් වශයෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත.
නිරීක්ෂක
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශීය අංශ පමණක් ප්‍රමාණවත් නැති මොහොතක්