IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


හම්බන්තොට වරායේ මෙහෙයුම් පරිමාව සියයට 151කින් ඉහළට

2025 සැප්තැම්බර් වනවිට මෙහෙයුම් පරිමාව මෙට්‍රික් ටොන් මිලියන 6.02ක්
සේවක සංඛ්‍යාව වැඩි කර අතිරේක අංගණ පහසුකම් හා යන්ත්‍රෝපකරණද සපයලා
නවීනතම දොඹකර සඳහා ඩො.මි. 41 ක් ආයෝජනය කරලා
වාහන ප්‍රතිනැව්ගත කිරීමේ වාර්ෂිකව සියයට 26ක වර්ධනයක්


හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP)මෙහෙයුම් පරිමාව 2025 සැප්තැම්බර් වනවිට මෙට්‍රික් ටොන් මිලියන 6.02ක් ලෙස වාර්තා වන අතර, එය 2024 වසරේ එම කාල සීමාවේදී වාර්තා වූ මෙට්‍රික් ටොන් මිලියන 2.39ක පරිමාණයට සාපේක්ෂව සියයට 151ක වර්ධනයක් පෙන්වයි. වරාය විසින් මෙම විශිෂ්ට වර්ධනය අත්පත් කරගෙන ඇත්තේ දේශීය වාහන ආනයනය සඳහා වූ තහනම ඉවත් කිරීමෙන් අනතුරුව ඇතිවූ තදබදය වැනි ව්‍යාපාරික අභියෝග රැසක් මධ්‍යයේය.
දේශීය වාහන ආනයන තහංචිය ඉවත් කිරීමෙන් අනතුරුව, නිශ්කාශන ප්‍රමාදය නිසා ඇති වූ ඉඩ ඇහිරීම් සහ තදබද තත්වය හේතුවෙන් අංගන අවකාශය, යන්ත්‍රෝපකරණ මෙන්ම වරායේ එදිනෙදා මෙහෙයුම් ක්‍රියාවලීයද දැඩි ලෙස පීඩනයට ලක් විය. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්(HIP) හි මෙහෙයුම් අංශය වාහන අංගන කාර්යක්ෂම ලෙස සකසා, බහාලු‍ම් ප්‍රවාහය සමතුලිත කර, ඒවා ආරක්ෂිතව මෙන්ම කාර්යක්ෂමව ගොඩගැසීම වැනි උපායමාර්ග ඉදිරිපත් කරමින් එම අභියෝගවලට මුහුණදී ඇත. මෙම උත්සාහයට සහය වශයෙන්(HIP) කළමනාකාරිත්වය සේවක සංඛ්‍යාව වැඩි කර, අතිරේක අංගන පහසුකම් හා යන්ත්‍රෝපකරණද සැපයීමට කටයුතු කළේය. මෙවැනි ප්‍රතිපත්තිමය පියවර හේතුවෙන්, කිසිදු ප්‍රමාදයකින් තොරව නැව් හැසිරවීමේ කටයුතු කරමින් තම ඵලදායිතාවට බාධා නොවන අන්දමින් මෙහෙයුම් ගෙන යෑමට වරායට හැකි විය.

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ විශාල වර්ධනයක් වාර්තා වන්නේ 2024 අවසන් කාලසීමාවේදී ආරම්භ කළ ව්‍යුහමය යටිතල වැඩසටහන් රාශියක් මැදිනි. 2024 අගභාගය වන විට, වරාය විසින් නවීනතම දොඹකර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 41 ක් ආයෝජනය කළ අතර එමගින් බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව වාර්ෂිකව ඔෑඹ මිලියන 1 දක්වා ඉහළ නැංවීය. 2024 දී LPG සහ බංකර් පරිමාවන්හි කැපී පෙනෙන වර්ධනයක් සමගින් ඉන්ධන සැපයුම් සහ බලශක්ති සේවා ද පුළුල් කර ඇත. වාර්ෂිකව සියයට 26කින් වැඩි වූ වාහන ප්‍රතිනැව්ගත කිරීමේ වර්ධනයත් සමගින් අවධාරණය වන්නේ, පුළුල් බහුකාර්ය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස ඔවුන්ගේ ස්ථාපිතය සුරක්ෂිත කිරීමට HIP  හට ඇති වගකීමයි.

 



අදහස් (0)

හම්බන්තොට වරායේ මෙහෙයුම් පරිමාව සියයට 151කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site