ශාඛා 272 ජාලයකට හිමිකම් කියනු ලබන දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ (RDB) සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආචාර්ය අසංග තෙන්නකෝන් මහතා පත්විය.
අසංග තෙන්නකෝන් මහතා බැංකු ක්ෂේත්‍රය සම්බන්ධව පුළුල් දැනුමක් සහිත වසර 25 කට අධික කාලයක් දේශීය මෙන්ම විදේශීය මූල්‍ය ආයතනවල සේවයේ නියුතුව සිටි විශිෂ්ට නායකයකු වන අතර සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය මෙන්ම අවදානම් කළමනාකරණය, දේපළ කළමනාකරණ, ව්‍යාපෘති මූල්‍යකරණය වැනි ක්ෂේත්‍රවල විශේෂ නිපුණතාවක් දක්වයි.
(RDB) බැංකුව සමඟ සම්බන්ධ වීමට පෙර ඔහු යූනියන් බැංකුවේ ආයතනික බැංකුකරණ අංශයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, එහිදීගනුදෙනුකරුවන් විශාල ප්‍රමාණයකට සාර්ථක මූල්‍ය සේවා ගොඩනැගීමට නායකත්වය ලබා දී ඇත. ඊට අමතරව ඔහු ඩුබායි හා කටාර් හි ඩෝහා බැංකුවේ මූල්‍ය සේවා කළමනාකරණය සඳහා විශාල දායකත්වයක් ලබා දි ඇත.
ඔහු Univesidade Azteca විශ්ව විද්‍යාලයන් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධ අාචාර්ය උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථිකය සම්බන්ධ ශාස්ත්‍රපති උපාධියත්, ඊට අමතරව බැංකුකරණය හා මූල්‍ය ක්ෂේත්‍රයට අදාළව වෘත්තීය සුදුසුකම් රාශියක් හිමිකරගෙන ඇත. ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ උප සභාපතිවරයකු හා තවත් ජාත්‍යන්තර වෘත්තීය ආයතන කිහිපයක ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසද කටයුතු කරයි.
2025 දෙසැම්බර් මස 04
389
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
441
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
407
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
RDB බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අසංග තෙන්නකෝන්