IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


EcoLabel සහතිකය හිමි කරගත් ප්‍රථම සිමෙන්ති සමාගම INSEE

INSEE සිමෙන්ති (Siam City Cement (Lanka) Limited), යනු INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති සන්නාම නිපදවන වෙළෙඳපොළ ප්‍රමුඛයා වන අතර ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා ද වේ. ලංකාවේ National Cleaner Production Centre (NCPC) මධ්‍යස්ථානයෙන් පිරිනමන ‘EcoLabel’  සහතිකය හිමි කරගන්නට INSEE සිමෙන්ති සමාගමට පසුගියදා අවස්ථාව උදා වූ අතර, මෙම සහතිකයෙන් පිදුම් ලත් ලංකාවේ පළමු සිමෙන්ති සමාගම ද මෙය වේ. 
රටේ ඉදිකිරීම් කර්මාන්තයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන සිදුවීමක් වූ මෙම සුවිශේෂී ජයග්‍රහණය, තිරසරභාවය, නවෝත්පාදනය හා පාරිසරික වගකීම සම්බන්ධයෙන් INSEE දක්වන කැපවීම නැවතත් තහවුරු කරන්නට ද සමත් විය. 
EcoLabel සහතිකය යනු පාරිසරික ක්‍රියාකාරීත්වයේ ඉහළම නිර්ණායක සපුරන නිෂ්පාදන සහ සංවිධාන සඳහා ගෝලීය වශයෙන් පිරිනමන ප්‍රමිතියකි. ලංකාවේ නිල ගෝලීයEcolabelling Network (GEN) සාමාජිකයා ලෙස කටයුතු කරන NCPC විසින්  ISO 14024 Type I ප්‍රමිති සපුරන ලද බවට සහතික කරමින් මෙම සහතිකය නිකුත් කර ඇත. නිර්ණායක රැසක් පදනම් කරගනිමින්, නිෂ්පාදන හා සේවා සම්බන්ධයෙන් තෙවැනි පාර්ශවයක් විසින් පිරිනමන විශ්වසනීය සහතිකයක් ලෙස ද EcoLabel ප්‍රමිතිය හැඳින්වේ. මෙම ප්‍රමිතිය හිමි කරගැනීමෙන්, ‍ INSEE සිමෙන්ති ලංකාවේ ගොඩනැඟිලි ද්‍රව්‍ය ක්ෂේත්‍රය වෙත නව පූර්වාදර්ශයක් සපයන්නට සමත්ව ඇති අතර, තිරසර ඉදිකිරීම් පිළිවෙත් මෙහෙයවීමේලා සමාගම හිමි කරගෙන ඇති නායකත්වය ද ශක්තිමත් කරයි. 
පරිසර හිතකාමී නිෂ්පාදනයේ පුරෝගාමියකු ලෙස තම ස්ථානය තවදුරටත් පවත්වා ගනිමින්, පාරිසරික නිෂ්පාදන ප්‍රකාශනය (EPD) හිමි කරගෙන ඇති එකම ආයතනය ද වන්නේ INSEE සිමෙන්ති සමාගමයි. මෙම ප්‍රමිති සහතික සියල්ලෙන් පෙනී යන්නේ, පාරිසරික බලපෑම අවම කිරීම හා උසස්ම තත්වයේ විශ්වසනීය සිමෙන්ති විසඳුම් වෙළෙඳපොළට හඳුන්වා දීමට INSEE විසින් ලබාදෙන පරිපූර්ණ ප්‍රවේශයයි. 
“මෙම ජයග්‍රහණය INSEE සමාගමට මෙන්ම ලංකාවටත් ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අප දකිනවා. EcoLabel සහතිකය ලබාගත් රටේ පළමු සිමෙන්ති සමාගම බවට පත්වීමෙන් අනාගත පරපුර වෙත තිරසර හා වගකීමෙන් යුතු නායකත්වය ද පෙන්නුම් කිරීමට අප සමත්ව තිබෙනවා. ශක්තිමත් ඉදිකිරීම් තුළින් හරිතවත් ජාතියක් ගොඩනැඟීමේ මෙහෙවර උදෙසා නිරන්තරයෙන් කටයුතු කරන්නට INSEE අප සූදානම්.” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉංජිනේරු තුසිත් ගුණවර්ණසූරිය මහතා පැවසීය. 
“INSEE සිමෙන්ති විසින් EcoLabel සහතිකය දිනාගැනීම මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක්. ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තිරසර භාවිතයන් අනුගමනය කරමින් ලාංකික සමාගම්වලට ආදර්ශවත් නායකත්වයක් ලබාදීමක් මේ තුළින් පිළිබිඹු වෙනවා. මෙම සන්ධිස්ථානය ක්ෂේත්‍රයේ අනෙකුත් අයට ද එය අනුගමනය කිරීමට පෙළඹවීමක් ඇති කරන බව නොඅනුමානයි.” යනුවෙන් ශ්‍රී ලංකා NCPC  මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු සමන්ත කුමාරසේන මහතා සඳහන් කළේය. 
මෙම නව ප්‍රමිතියත් සමගින්, INSEE සිමෙන්ති ලංකාවේ වඩාත් තිරසර ඉදිකිරීම් ක්ෂේත්‍රයක් උදෙසා අඛණ්ඩව සිදුකරන මෙහෙවරට නව පන්නරයක් සේ සැලකිය හැකි අතර, පාරිසරික කලමනාකරණය සහ කාර්මික සංවර්ධනය අත්වැල් බැඳගෙන ඇති බවට ද දිය හැකි මනා නිදසුනක් ද සපයයි.



අදහස් (0)

EcoLabel සහතිකය හිමි කරගත් ප්‍රථම සිමෙන්ති සමාගම INSEE

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site