භානුක අමරසිංහ
හැටන් නැෂනල් බැංකුව (HND) කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කිරීමට සැලසුම් කර ඇති රුපියල් බිලියන 10ක් වටිනා ණයකර නිකුතුව සඳහා AA-(EXP) ලෙස අපේක්ෂිත ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීමක් ලබා දෙන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.
බැංකුවට අනුව ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, පිරිමුදවාගත හැකි, ජ්‍යෙෂ්ඨ තිරසාර බැඳුම්කර ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුමයි. මෙහිදී හිමිවන අධිදායකත්වයත් අනුව අදියර තුනකදී කොටස් මිලින 100ක් නිකුත් කෙරෙන අතර, රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 10කි. එසේම මෙම නිකුතුව වසර පහකින් සහ හතකින් කල්පිරෙන ලෙසත් නිකුත් කෙරේ.
කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධ අවසන් ශ්‍රේණිගත කිරීම බැංකුව විසින් ඉදිරිපත් කරණ ඊට අදාළ ලියවිලි අනුව ලබා දෙන බවත් ෆිච් රේටින්ග්ස් වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd