IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අඛණ්ඩව 3 වැනි වරටත් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්

ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 3 වැනි වරටත් ‘South Asian Travel Awards’ (SATA) හිදී ‘Visitors’ Choice Awards’ කාණ්ඩය යටතේ ‘Leading International Airline in South Asia’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වන විට ඉන්දියානු උප මහාද්වීපය, මැද පෙරදිග, ඈත පෙරදිග, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව යන කලාපවල රටවල් 21 ක ගමනාන්ත 33 ක් වෙත සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි. මෙයට දකුණු ආසියානු කලාපයේ රටවල් පහක ප්‍රධාන නගර ඇතුළත් වන අතර ශ්‍රීලංකන් ජාලය මගින් කලාපයේ හතරෙන් තුනක් ආවරණය වේ. 

2016 වසරේදී ආරම්භ වූ SATA සම්මාන උළෙල මේ වන විට දකුණු ආසියාවේ සත්කාරකත්වය සහ ගමනාගමන සේවා සම්බන්ධ ප්‍රමුඛතම සම්මාන උළෙලක් ලෙස සැලකේ. දැඩි රාමුවක් යටතේ ක්‍රියාත්මක වන නාමයෝජනා ක්‍රියාවලියකින් අනතුරුව, සේවාවේ ප්‍රමිතිය, නවෝත්පාදනය සහ බලපෑම යනාදී සාධක රාශියක් සැලකිල්ලට ගනිමින්, අදාළ ක්ෂේත්‍රවල සාමාජිකයන්ගේ ප්‍රතිචාර අනුව එහි ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි. 

“මේ ආකාරයට අඛණ්ඩව තෙවරක්ම මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙම සම්මානය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගත් සියලු‍ම දෙනාට අප බෙහෙවින්ම ස්තූතිවන්ත වනවා. මෙය අප විසින් මගීන් වෙත පිරිනමනු ලබන විශිෂ්ට සේවාව, අපගේ ක්‍රමෝපායික වර්ධනය සහ ගුවන් සම්බන්ධතා හැකියාවන් මෙන්ම, දකුණු ආසියානු කලාපයේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ අනාගතය හැඩගැස්වීම සම්බන්ධයෙන් අප සතු දැක්ම මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයක්. අපගේ විශ්වාසය කෙරෙහි අපගේ පාරිභෝගිකයන් මෙන්ම ක්ෂේත්‍රයේ සාමාජිකයන්ද විශ්වාසය තබා ඇති බව නැවත නැවතත් තහවුරු වීම පිළිබඳව අප හදවතින්ම සතුටු වනවා.” ශ්‍රීලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සාගර කලාපය සඳහා කලාපීය කළමනාකරු ඉඳුනිල් විජේකෝන් මහතා පැවසීය. 

ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම සැබෑම ලාංකික අත්දැකීමක් ගුවන් මගීන් වෙත තිළිණ කිරීමට උත්සාහ කරන ගුවන් සේවයකි. ගුවන් ගමන් අතරවාරයේ ලබාදෙන ආහාරපාන, විනෝදාස්වාද සේවා හා පහසුකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර තලයේ ප්‍රමිති පවත්වා ගැනීමට එම ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි. සම්මානලාභී ලාංකික ආහාරපාන එකතුවක් මෙන්ම, ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ රුචිකත්වයන්ට ගැළපෙන විවිධාකාර සම්ප්‍රදායන්ට අයත් ආහාරපාන වර්ග රාශියක්ද ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගමන් කරන මගීන්ට රසවිඳිය හැකි වේ. 

ලොව පුරා ගමනාන්ත රාශියක් වෙත ගමන් පහසුකම් සැලසීම හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය අවස්ථා රැසකදී ජාත්‍යන්තර ඇගයීම්වලට පාත්‍ර වී ඇත. දකුණු ආසියාව තුළ පමණක් ලංකාවේ සිට ඉන්දියාව, පාකිස්ථානය, මාලදිවයින, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් දක්වා සතිපතා ක්‍රියාත්මක වන ශ්‍රීලංකන් ගුවන් ගමන් වාර සංඛ්‍යාව 130 කට අධිකය. එම නිසා ව්‍යාපාර කටයුතු හෝ විවේකය සඳහා ලංකාව වෙත පැමිණෙන මගීන්ගේ මෙන්ම, ලොව වෙනත් රටවලට ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්ගේද ප්‍රමුඛතම තේරීමක් බවට පත්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සමත් වී ඇත. මේ වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සෘජු ගුවන් ගමන් සහ Codeshare ජාලය හරහා රටවල් 57 ක ගමනාන්ත 113 ක් ආවරණය කරනු ලබයි. 

 

 



අදහස් (0)

අඛණ්ඩව 3 වැනි වරටත් දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛතම ගුවන් සේවය ශ්‍රී ලංකන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site