IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ලංකා රේටින්ග්ස් වෙතින් LOLC ෆිනෑන්ස්ට A+ (ස්ථාවර) ඉහළ ​ශ්‍රේණිගත කිරීමක්

  • බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) අංශයේ සමස්ත ලාබවලින් සියයට 36.3 ක්, සමස්ත වෙළෙඳපොළෙන් සියයට 30.3 සහ එහි වත්කම්වලින් සියයට 20.6 ක් හිමිකරගනිමින් LOLC ෆිනෑන්ස් ප්‍රමුඛ ස්ථානයේ 

ලංකා රේටින්ග්ස් ආයතනය (LRA) මගින්, ශ්‍රී ලංකාවේ විශාලතම බලපත්‍රලාභී මූල්‍ය සමාගම වන LOLC ෆිනෑන්ස් පීඑල්සී වෙත ලබාදී තිබූ (ධනාත්මක ඉදිරි දැක්මක් සහිත) A ශේණිගත කිරීමට වඩා සැලකිය යුතු ඉදිරි පියවරක් සලකුණු කරමින් (ස්ථාවර ඉදිරි දැක්මක් සහිත) A+ ශේණිගත කිරීමක් ලබා දී තිබේ. ලංකා රේටින්ග්ස් ආයතනය සඳහන් කරන පරිදි LOLC ෆිනෑන්ස් වෙත ඉහළ ශේණිගත කිරීමක් ලබාදීමෙන් එහි ස්ථාවර වෙළෙඳපොළ නායකත්වය, ශක්තිමත් ප්‍රතිපත්ති හා මූලධර්ම මෙන්ම අභියෝගාත්මක ආර්ථික පරිසරයක් තුළ වුවද තිරසර වර්ධනයක් ලැබීමට ඇති හැකියාව අවධාරණය කරයි.

මෙම සුවිශේෂී කාර්ය සාධන දර්ශක LOLC ෆිනෑන්ස් පීඑල්සී සෘජුවම ඉහළ ශේණිගත කිරීමකට පරිවර්තනය කර අති බව ලංකා රේටින්ග්ස් ආයතනය පෙන්වා දෙයි. බැංකු නොවන මූල්‍ය ආයතන අංශයේ ලාබවලින් සියයට 36 ක ප්‍රමුඛ කොටසක්, ක්ෂේත්‍රයේ කොටස්වලින් සියයට 30 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම ක්ෂේත්‍රයේ වත්කම්වලින් සියයට 20 කට වැඩි ප්‍රමාණයක් සහිත එහි ස්ථාවර ප්‍රාග්ධන සංචිතය සහ දූරදර්ශී අවදානම් කළමනාකරණ පියවර, LOLC ෆිනෑන්ස් වෙත A+ (ස්ථාවර) ඇගයීමක් ලබාදීම සඳහා පාදකවූ ප්‍රධාන සාධක ලෙස, LRA මඟින් දක්වා ඇත. 

LOLC ෆිනෑන්ස් සභාපති කොන්රඩ් ඩයස්  LOLC ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න 

2024/25 මූල්‍ය වර්ෂය වන විට, LOLC ෆිනෑන්ස් හි වත්කම් සංචිතය දළ වශයෙන් රුපියල් බිලියන 430 ලෙස සටහන් වූ අතර, එය ක්ෂේත්‍රයේ සමස්ථ වත්කම්වලින් සියයට 20.5 ක් පමණ නියෝජනය කරයි. ශුද්ධ පොලී ආදායම 2024 මූල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 10.8 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 42 කට ආසන්න වූ අතර, පොලී අනුපාත පහත වැටීම සහ ණය වගකීම් නැවත මිලකරණය හේතුවෙන් ගැණුම් සහ විකුණුම් මිල පරතරය සියයට 11.6 දක්වා වැඩිදියුණු විය. බදු ගෙවීමෙන් පසු ලාබය (PAT) රුපියල් බිලියන 25.1 ක් දක්වා සියයට 16.4 කින් තියුණු ලෙස ඉහළ ගොස් ඇති අතර, මූලික ආදායම සමස්ත ආදායමෙන් සියයට 84 කි. ලංකා රේටින්ග්ස් සඳහන් කරන පරිදි LOLC ෆිනෑන්ස්, 2024/25 මූල්‍ය වර්ෂයේදී සියයට 7.3 ක දළ අක්‍රිය ණය අනුපාතිකයක් සහ සියයට 4.97 ක ශුද්ධ අක්‍රිය ණය අනුපාතිකයක් සමඟ වත්කම්වල ඉහළ ගුණාත්මක භාවයක් අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ. එය ක්ෂේත්‍රයේ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩු අගයක් වන අතර, ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අවශ්‍යතා අනුපාතය (CAR) 2024/25 මූල්‍ය වර්ෂයේදී සියයට 25.9 ක් ලෙස නියාමනයේ අවමයට වඩා කැපී පෙනෙන ඉහළ අගයක් සටහන් කර තිබේ. 

සමාගම 2022 සහ 2023 වසරවලදී උපායමාර්ගික ඒකාබද්ධ කිරීම් පෙළක් හරහා සිය වෙළෙඳපොළ පැවැත්ම තහවුරු කර ගත් අතර, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්, LOLC ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් සහ සිංහපුත්‍ර ෆිනෑන්ස්, LOLC ෆිනෑන්ස් සන්නාමය යටතේ ඒකාබද්ධ කරනු ලැබීය. මෙම ඒකාබද්ධ කිරීම් තුළින් මෙහෙයුම් විධිමත් කරමින්, ශක්‍යතා විදහා පාමින්, ශ්‍රී ලංකාව පුරා නිරන්තරයෙන් වර්ධනය වන පාරිභෝගික සංචිතයට පුළුල් නව්‍ය මූල්‍ය විසඳුම් පෙළක් ලබා දීම සඳහා විශේෂඥතාවේ සහ ප්‍රවේශයේ අසමසම පරිමාණයේ වේදිකාවක් නිර්මාණය කළේය. 

LOLC ෆිනෑන්ස් ලීසිං, ණය, රන් ණය, ෆැක්ටරින්, ක්‍රෙඩිට් කාඩ්, ආන්තික වෙළෙඳාම, පෞද්ගලික මූල්‍ය, මෙහෙයුම් කල්බදු සහ ඉස්ලාමීය මූල්‍ය ඇතුළු විකල්ප මූල්‍ය සේවා රැසක් සමගින්, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම් සහ නව්‍ය සුපර් සේවර් පරාසයේ පුළුල් තැන්පතු ක්‍රම රැසක්ද පිරිනමන්නේ ක්ෂේත්‍රයේ වඩාත් පුළුල් හා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම ලෙසිනි. ඩිජිටල් ක්ෂේත්‍රයේ එහි ප්‍රමුඛතම මූල්‍ය තාක්ෂණ විසඳුම වන iPay, JustPay සහ දේශීය ගනුදෙනුවලින් සියයට 60 ක කොටසක් නියෝජනය කරමින් රුපියල් බිලියන 19 ක ගනුදෙනු හැසිරවීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් ගෙවීම් වේදිකාව ලෙස පෙරට පැමිණ ඇත්තේ තාක්ෂණය මත පදනම් වූ මූල්‍ය ඇතුළත් කිරීම උදෙසා LOLC ෆිනෑන්ස් හි කැපවීම අවධාරණය කරමිනි. 

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා මෙසේ පැවසීය, “මෙමඟින් අපගේ කාර්ය සාධනය සහ වර්තමාන මූල්‍ය ශක්තිය පමණක් නොව, අපගේ දැක්ම සහ අනාගත ව්‍යාපාර සැලසුම් මෙන්ම පාරිසරික, සමාජීය සහ පාලන (ESG) අවධානය සහ සැමවිටම ප්‍රධාන වන අවදානම් කළමනාකරණයේ ගුණාත්මකභාවයද පිළිබිඹු වේ. LOLC ෆිනෑන්ස් තවදුරටත් ක්ෂේත්‍රයේ ආදර්ශවත් පෙරගමන්කරු වන අතර ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය සඳහා තවදුරටත් ආයෝජනය කිරීමට, ශ්‍රී ලාංකික ජනගහණය තුළ මූල්‍ය ඇතුළත් කිරීම වැඩි දියුණු කිරීමට, ව්‍යවසායකත්ව ජීව ගුණය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන ඉදිරිපත් කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක නිරත වනු ඇත. 

“ලංකා රේටින්ග්ස් ආයතනය මඟින් A+ (ස්ථාවර) ශේණිගත කිරීමකට උසස් කිරීම, ඛධඛක්‍ ෆිනෑන්ස් හි හරය වන උපායමාර්ගික ධෛර්යය සහ ශක්තිමත් මූල්‍ය විනය පිළිබඳ ප්‍රබල ස්වාධීන තහවුරු කිරීමකි” LOLC ෆිනෑන්ස් පීඑල්සී හි සභාපති කොන්රඩ් ඩයස් මහතා පැවසීය. “මෙම උසස් කිරීම ක්ෂේත්‍රයේ අපගේ ප්‍රමුඛ කාර්ය සාධනය සහ තහවුරු වූ වෙළෙඳපොළ තත්වය පිළිබිඹු කරනවා පමණක් නොව, ශ්‍රී ලංකාව පුරා තිරසර තාක්‍ෂණය මත පදනම් වූ මූල්‍ය ඇතුළත් කිරීමක් සඳහා අපගේ නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක්ද වෙයි. එය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ පාලනය, නවෝත්පාදනය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ මිණුම් සලකුණු සැකසීමට අප ශක්තිමත් ලෙස දිරිගන්වයි.” 

LOLC ෆිනෑන්ස් ඉදිරියේදී මෙම ශේණිගත කිරීම උසස් කිරීමකට පාදක වූ ශක්තිමත් පාලනය සහ මෙහෙයුම් ප්‍රමිතීන් පවත්වා ගනිමින් පිරිවැය කාර්යක්ෂමතාව තවදුරටත් ශක්තිමත් කිරීම, පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ එහි වෙළෙඳපොළ ප්‍රමුඛත්වය පවත්වා ගැනීම උදෙසා තාක්ෂණය වැඩි වශයෙන් උපයෝගී කර ගැනීමට සැලසුම් කරයි.

 



අදහස් (0)

ලංකා රේටින්ග්ස් වෙතින් LOLC ෆිනෑන්ස්ට A+ (ස්ථාවර) ඉහළ ​ශ්‍රේණිගත කිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site