IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුත්තලම ශාඛා පරිශ්‍රයේ ආදර්ශ මිරිස් වගාව

පුත්තලම චන්දන හෙන්දුරුගොඩ 

නිකං දෙනකන් බලා නොසිට තමන්ගේ නිවසේ, කාර්යාලයේ යම් ආර්ථිකයට සවියක් වන බෝගයක් පැළ කරගෙන තමගේ පෞද්ගලික පරිහරණයටවත් ගන්න බැරි ඇයි? තමන්ගේ නිවසේ තිබෙන පුංචි ඉඩ කඩෙන් ප්‍රයෝජනයක් ගන් බැරි ඇයි? ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුත්තලම ශාඛා පරිශ්‍රයේ පුංචි ඉඩ කඩේ ස්ථාපිත කර ඇති ආදර්ශ වගාව පෙන්වමින් ශඛා කළමනාකරු ක්‍රිෂාන්ත දිසානායක මහතා එසේ පැවසීය.

මම බැංකු කළමනාකරු වුණාට මම හොඳ ගොවියෙක්. ඒ බව මගේ නිවසට එන ඕනෑම අයකුට ඒ පිළිබඳව දකින්න පුළුන්. මම හිතුවා මෙය ආදර්ශයක් ලෙස මගේ ගනුදෙනුකරුවන් අතරත් ප්‍රචලිත කරන් කියලා. එයින් ඔවුන්ට පෞද්ගලික මෙන්ම පසු කලෙක මහා පරිමාණයෙන් කළොත් බැංකුව පැත්තෙන් හොඳ වෙයි කියලා හිතුණා. මේ නිසා බැංකුවේ කිසිදු කාර්යකට හානියක් වෙන්නේ නෑ. මගේ බැංකුවේ පාලන අධිකාරියෙත් ආශිර්වාදය මට නොබඳවම ලැබෙනවා. මම බැංකුවට එන ඕනෑම ගනුදෙනුකරුවකුට මේ පැළ ආදර්ශය පෙන්වනවා. ඕනෑම අයකු මේ කාර්ය තම නිවසේ කාර්යාලයේ කරන්න පුළුන් යැයි එම වගා ආදර්ශය පෙන්වමින් ක්‍රිශාන්ත දිසානායක මහතා සඳහන් කළේ ය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසීය. මිරිස් කියන්නේ පුත්තලමට ගැළපෙන භෝගයක්. සෑම වසරකම නොවැම්බර් 15 න් පස්සේ මිරිස් කිලෝවක මිල රු.1,000 ඉක්මවා යනවා. ඒ මිලට මිරිස් කිලෝ 5,000 ක් අස්වැන්න විදිහට ගත්තොත් ලක්ෂ පනහක ආදායමක් ලැබෙනවා. මේ ගැන දන්නා අය මේ විස්තර කිසිම කෙනකුට දෙන්නෙ නැහැ. ඒ නිසා අපි මේ ආදර්ශ වගාවෙන් ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කරනවා. 

නොවැම්බර් 15 න් පස්සේ මාස් කන්නයේ මහ වැසි ඇදහැළීමත් සමග වර්ෂාවට වගා විනාශ වෙනවා. ඒකට පිළියමක් විදියට වගා මළුවල මිරිස් වගාවට අපි අපේ ගනුදෙනුකරුවන් ඇතුළු මහජනවතාව පොළඹවනවා. 

මේ ආකාරයට මිරිස් වගා කිරීම පිළිබඳව සියලු‍ තොරතුරු පොතක් විදිහට මුද්‍රණය කරල ලබා දෙනවා. ඒ වගේම බැංකුවේ තිබෙන ආදර්ශ වගාවෙන් ලැබෙන ප්‍රතිලාභය ප්‍රදේශයේ පාසල් පුස්තකාලවලට පොත් ලබා දීම පිණිස භාවිත කරන්න සැලසුම් කරල තියනවා. මම බැංකු පරිශ්‍රයේ මිරිස් වර්ග කිහිපයක්, වම් බටු, තක්කාලි පැළද හදලා තියෙනවා. 

අස්වැසුම සහනාධාර ලබන පවුලකට ලැබෙන ලොකුම ආධාරය මාසෙකට රුපියල් 17,500 යි. මේක මාස හයක් පුරාවට එම පවුලට ලැබෙනවා. මාස හයට එම පවුලට රු. 105,000 ක මුදලක් රජයෙන් ලැබෙනවා. අපි මේ වගා කරල තියන විදිහට වගා මළු 50 ක් හැදුවොත් එයාට අවම වශයෙන් ලක්ෂයක ආදායමක් අනිවාර්යයෙන්ම උපයන්න පුළුවන්. ඒක රජයෙන් එම පවුලට ලබා දෙන අස්වැසුමට සමාන මුදලක්. මධ්‍යම ආදායම්ලාභී පවුලකට අක්කර භාගයක මිරිස් වගා කළොත් ලක්ෂ පනහක් උපයන්න පුළුවන්. අපි දැනට මෙවැනි වගා රාශියක් ඇති කරල තියනවා. ඒ වගේම සුළු පරිමාණ, මධ්‍යම පරිමාණ හා මහා පරිමාණ වගා රාශියක් දැනට කරමින් පවතිනවා. මූල්‍ය ආයතනයක් විදිහට මුදල් තිබෙන ගනුදෙනුකරුවන් පසුපස ගොස් තැන්පතු ලබා ගැනීම වෙනුවට අපගේ ගනුදෙනුකරුවන්ගේ ආර්ථිකය දියුණු කරමින් බැංකු කටයුතු කිරීමට අපි උත්සාහ කරමින් ඉන්නවා. 

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වයඹ කලාපය භාර ප්‍රාදේශීය කළමනාකාරිණී වින්ද්‍යා විජේවන්ත, සහකාර සාමාන්‍යාධිකාරී මෙහෙයුම් ජනක හේරත් යන මහත්ම මහත්මීන්ගෙන් මේ පිළිබඳව ලැබෙන සහයෝගය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. 



අදහස් (0)

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පුත්තලම ශාඛා පරිශ්‍රයේ ආදර්ශ මිරිස් වගාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site