
භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් තුළ ආදායම් 2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළ සියයට 7.6කින් වර්ධනය වී තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙය එම අංශයේ ව්‍යාපාර ක්‍රියාකාරකම් යථාවත්වීම තවදුරටත් පෙන්නුම් කරන අවස්ථාවක් බව මහ බැංකුව 2025 වසර සඳහා වන මූල්‍ය ස්ථායිතා විවරණය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියි.
ලැයිස්තුගත බැංකු, රක්ෂණ සමාගම් සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් හැර අනෙකුත් සමාගම් මෙලෙස ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම් කොටසට ඇතුළත් වෙයි. අද වනවිට එවැනි සමාගම් 207ක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කෙරී තිබේ.
එහිදී වෙළෙඳ සහ බෙදාහැරීම් අංශය සියයට 30.4කින්ද, මෝටර් රථ අංශය සියයට 27.7කින්ද, දුරකතන සන්නිවේදන සේවා සියයට 23.3 කින්ද, නිෂ්පාදන සියයට 21.0 කින්ද, ආහාර පානවර්ග සහ දුම්කොළ සියයට 15.8කින්ද, සෞඛ්‍ය සේවා උපාංග සහ සේවා සියයට 4.5 කින්ද, රසායනික සහ ඖෂධ සියයට 3.4 කින්ද, විවිධාංගීකරණය වූ සමාගම් සියයට 2.7 කින්ද, ඉදිකිරීම් සහ ඉංජිනේරු අංශය සියයට 2.2 කින්ද, හෝටල් සියයට 1.3 කින්ද, දේපළ වෙළෙඳාම් සියයට 0.1 කින්ද යනාදී ලෙස ආදායම් වර්ධනයවීමක් සිදුව තිබේ.
“2024 වසරේ පළමු කාර්තුව හා සැසඳීමේදී මෝටර් රථ අංශයේ සියයට 90.9 ක ආදායම් වර්ධනයක් සිදුව තිබෙනවා. එහිදී මෝටර් රථ ආනයනය සඳහා පැවැති සීමා ලිහිල් කිරීමත් සමගින්ම ඇති වූ ඉල්ලුමේ ඉහළ යාම දායක වී තිබෙනවා’’ මහ බැංකුව පවසයි.
එහෙත් විදුලිය සහ බලශක්ති අංශය සියයට 29.7 කින්ද, වැවිලි අංශය සියයට 2.6කින්ද, සේවා අංශයේ සියයට 0.01කින්ද යනාදී ලෙස ආදායම් වර්ධනයේ අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
මේ අතර සාර්ව ආර්ථික තත්වයේ සමස්ත දියුණුව පෙන්නුම් කරමින් 2025 පළමු කාර්තුව තුළ මෙම ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම්හි ශුද්ධ ලාබයද, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 65.5ක කැපී පෙනෙන ඉහළ යාමක් සටහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලැයිස්තුගත මූල්‍ය නොවන සමාගම්වල ආදායමේ කැපී පෙනෙන වර්ධනයක්