IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම තවත් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරගනිමින් බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් (Brand Finance) විසින් නම්කරන ලදි2025 වසරේ ලංකාවේ වටිනාම සන්නාම 100’ (Sri Lanka’s Top 100 Most Valuable Brands 2025) ලැයිස්තුවට ඇතුළත් වීමට පසුගියදා සමත් විය. මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළෙඳාම් සන්නාමය ප්‍රයිම් රෙසිඩන්සීස් වීම විශේෂත්වයකි. 

ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය බෙහෙවින් තරගකාරී ක්ෂේත්‍රයකි. එබඳු තරගකාරීත්වයක් හමුවේ පවා මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළෙඳාම් සන්නාමය බවට පත් වීමෙන් පෙනී යන්නේ, ප්‍රයිම් රෙසිඩන්සීස් මෙරට දේපළ ක්ෂේත්‍රයේ අවිවාදිත ප්‍රමුඛයා බවට පත් වී ඇති බවයි. 

එමෙන්ම එය ප්‍රයිම් සමූහය විසින් දශක තුනක් පුරා අත් කරගත් සාර්ථකත්වය, විශිෂ්ටත්වය සහ පාරිභෝගික විශ්වාසය වෙනුවෙන් ලැබුණු තවත් සුවිශේෂී ඇගයුමක් ලෙසද හැඳින්විය හැකි වේ. මෙමගින් පාරිභෝගිකයන් තුළ ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම සම්බන්ධයෙන් පවතින විශ්වාසය තවදුරටත් තීව්‍ර වනු ඇති අතර, නව පාරිභෝගිකයන් ආකර්ෂණය කරගැනීමටද එය ඉවහල් වනු ඇත. 

අතීතයේ පටන් මේ දක්වාම විශ්වාසය, සුවපහසුව සහ කල් පවතින වටිනාකම යනාදී ගුණාංගවලට මුල් තැන දෙමින්, රටේ ජනතාවට උසස්ම ප්‍රමිතියෙන් යුත් නිවාස මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට ප්‍රයිම් රෙසිඩන්සීස් කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ මහතා පැවසුවේ මෙය උසස් ප්‍රමිතිය, තිරසාරත්වය සහ නවෝත්පාදනය සඳහා ප්‍රයිම් රෙසිඩන්සීස් තුළ ඇති කැපවීම නැවත වරක් තහවුරු කරන ජයග්‍රහණයක් බවයි. එමගින් පදිංචිකරුවන්ගේ ජීවන රටාව වැඩිදියුණු කරන සහ ලංකාවේ නාගරික සංවර්ධනයට අර්ථවත් දායකත්වයක් ලබා දෙන ජීවන අවකාශ නිර්මාණය කිරීමේ ප්‍රයිම් මෙහෙවර තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද ඒ මහතා පැවසීය. 

Brand Finance Sri Lanka 100 ලැයිස්තුවට ඇතුළත් වන සන්නාම ශ්‍රේණිගත කරනු ලබන්නේ මූල්‍ය ශක්තිය, පාරිභෝගික විශ්වාසය සහ සන්නාම බලපෑම යනාදී සාධක රැසක් සැලකිල්ලට ගනිමිනි. ශක්තිමත් ව්‍යාපාරික ආකෘතිය සහ මූල්‍ය ස්ථාවරත්වය මෙන්ම රට පුරා සාර්ථක ලෙස ක්‍රියාවට නංවන ලද දේපළ ව්‍යාපෘති මගින් නිර්මාණය කරන ලද දීර්ඝකාලීන වටිනාකම් යනාදී සාධක හේතුවෙන්, මෙම ලැයිස්තුවට ඇතුළත් වූ එකම දේපළ වෙළෙඳාම් සමාගම බවට පත් වීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් විය.



අදහස් (0)

ප්‍රයිම් රෙසිඩන්සීස් සමාගම 2025 වසරේ ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site