IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් වන Minasro College මව් ශාඛාවට පසුගියදා චීනයේ Chongqing Three Gorges Vocational College (CGVC) හි නියෝජිතයෝ පිරිසක් පැමිණියහ. අධ්‍යාපන වෘත්තිකයන්, විශේෂඥයන් සහ කෘෂිකර්ම, වන විද්‍යා සහ තාක්ෂණ පීඨ නියෝජනය කරන සිසුන් පිරිසකින් සමන්විත වූ එම කණ්ඩායමට ඉතා උණුසුම් පිළිගැනීමක් ලැබිණි.

මෙම වැඩසටහන තිරසාර කෘෂිකර්මාන්තය, පළිබෝධ කළමනාකරණය, තාක්ෂණික හුවමාරුව සහ සංස්කෘතික අවබෝධය ඉහළ නැංවීම ප්‍රමුඛ කර ගත් හවුල්කරිත්වයක කොටසකි. කෘෂිකාර්මික සහ පාරිසරික පුරුදු පිළිබඳ ඒකාබද්ධ පන්ති කාමර සැසි, Minasro College හි 10 ශේණියේ සිසුන් සමග අන්තර්ක්‍රියාකාරී හුවමාරු වැඩසටහන්, CGVC හි පළිබෝධ කළමනාකරණ විශේෂඥ කණ්ඩායමේ ඉදිරිපත් කිරීමක්, රටවල් දෙකේ සාම්ප්‍රදායික කලා, සංගීත සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළු බොහෝ දෑ ඊට ඇතුළත් විය.

Minasro College නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ආචාර්ය මේජර් අනුර කන්නන්ගර සඳහන් කළේ එවැනි වැඩසටහන් ඉතා වැදගත් බවයි. “මෙය හුදෙක් අධ්‍යාපනික වැඩසටහනක් පමණක් නොවෙයි; ගෝලීය දැනුම, කුසලතා සහ සම්බන්ධතා සමග අපගේ සිසුන් බල ගන්වමින් දෙරට යා කරන පාලමක් ලෙස මෙය හැඳින්විය හැකියි.” CGVCහි උප සභාපති යුආන් ඩෙස්හි ශ්‍රී ලාංකික සිසුන්ගෙන් ලැබුණු උණුසුම් පිළිගැනීම සහ ඔවුන්ගේ විනයගරුක බව විශේෂයෙන් අගය කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ගුරු හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පර්යේෂණ තුළින් ඉදිරියේදීත් Minasro College සමග එක් වී කටයුතු කරන බවයි. අධ්‍යාපනික රාජතාන්ත්‍රිකභාවයේ සුවිශේෂ සන්ධිස්ථානයකි.

 



අදහස් (0)

Minasro College වෙත චීනයේ අධ්‍යාපන විශේෂඥයෝ කණ්ඩායමක් පැමිණෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1267 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site