
හැටන් නැෂනල් බැංකුව පසුගියදා Plantchem පෞද්ගලික සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹුණේය. Lovol ට්‍රැක්ටර් සඳහා ආකර්ණීය ලීසිං විසඳුම් හරහා කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම මෙම හවුල්කාරීත්වයේ අරමුණයි-
කෘෂිකර්මාන්තය මෙරට සංවර්ධනයේ වැදගත් කොටසක් වන බැවින්, මෙම හවුල්කාරීත්වය මගින් ගොවීන්ට උසස් තත්වයේ සහ දැරිය හැකි මිලකට කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB iy Plantchem එක්ව කටයුතු කර ඇත. මේ හරහා ගොවීන්ට සහ කෘෂි ව්‍යවසායකයන්ට පහසු සහ දැරිය හැකි මෙන්ම තරගකාරී ලීසිං සැලසුම් භාවිත කරමින් Lovol ට්‍රැක්ටර්ස් මිලදී ගැනීමට අවස්ථාව ලැබේ. තවද ගොවීන්ට ඉක්මනින් හා කාර්යක්ෂමව වැඩ කිරීමට, වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට සහ දිගු කාලීනව ගොවිතැන් කර්මාන්තය ශක්තිමත් සහ තිරසාර කිරීමට උපකාර කිරීම මෙහි ඉලක්කයයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමට සහාය වීමට බැංකුව කැපවී සිටින බවයි. “ගොවීන්ට දැරිය හැකි සහ විශ්වාසදායක යන්ත්‍රෝපකරණ සඳහා ප්‍රවේශය ලබා දීම ඔවුන්ගේ ආදායම සහ ඵලදායිතාව වැඩි දියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය බව අපි විශ්වාස කරනවා. Plantchem සමඟ අපගේ හවුල්කාරිත්වය හරහා, ගොවීන්ට ඔවුන්ගේ අනාගතය සඳහා ආයෝජනය කිරීමට සහ වඩාත් කාර්යක්ෂම හා තිරසාර ගොවිතැන් ක්‍රම අනුගමනය කිරීමට උපකාරී වන ආකර්ෂණීය මූල්‍ය විසඳුම් ලබා දීමට හැකි වීම පිළිබඳව අපි සතුටු වනවා.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය-
ශ්‍රී ලංකාවේ Lovol ට්‍රැක්ටර්ස් බෙදාහරින එකම සමාගම වන Plantchem විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාවක් සහිත ශක්තිමත්, ඉහළ කාර්යසාධනයක් සහිත යන්ත්‍රෝපකරණ සැපයීම සඳහා ප්‍රසිද්ධයක් උසුලයි. මෙම සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන ඩීමෝ සමූහය යටතේ ක්‍රියාත්මක වේ.
“HNB සමග ඇතිකරගත් මෙම හවුල්කාරිත්වය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවට නව අවස්ථා රැසක් නිර්මාණය කරනු ඇති. Lovol ට්‍රැක්ටර්ස් විවිධ කෘෂිකාර්මික කාර්යයන් ඵලදායීව සහ පහසුවෙන් ඉටු කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. අපගේ නිෂ්පාදන ගුණාත්මකභාවය සමගින් HNB හි පුළුල් ශාඛා ජාලය සහ මූල්‍ය විශේෂඥතාව ඒකාබද්ධ කිරීමෙන් දිවයින පුරා සිටින ගොවීන් වැඩි පිරිසකට නවීන කෘෂි යන්ත්‍රෝපකරණ වෙත ප්‍රවේශය ලබා දීමට අපට හැකියාව ලැබෙනවා.” යනුවෙන් Plantchem හි ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
HNB - Plantchem හවුල්කාරීත්වයෙන් Lovol ට්‍රැක්ටර්ස්වලට ලීසිං විසඳුම්