භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මහරාජා ෆුඞ්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් මිලියන 112.5ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා ඊට අදාළව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙතෙක් සමාගම නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් තවත් කොටස් 10ක් හිමිවන ලෙස මෙම නිකුතුව සිදු කරයි. මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 12,500,000 ක් වන අතර, එක් කොටසක් රුපියල් 9.00කට මිල කර තිබේ. ඒ අනුව නිකුතුවේ වටිනාකම රුපියල් 112,500,000කි.
මෙලෙස රැස් කරගන්නා රුපියල් මිලියන 112.5ක මුදලින් රුපියල් මිලියන 47.5 ක් එම සමාගම සහ SPAR සුපිරි වෙළෙඳ සල් ජාලය එක්ව කොටහේනේ SPAR අලෙවිසලෙහි පිහිටුවන SPAR-Maharaja SaveMore අලෙවිසල වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.
එසේම තවත් රුපියල් මිලියන 50 ක මුදලක් හැටන් නැෂනල් බැංකුවත් සමගින් පවතින කෙටිකාලීන ණය ආපසු ගෙවීම අතුළුව දැනට පවතින ණය පියවීම සහ සමාගමේ මූල්‍ය පිරිවැය අඩු කිරීමට යොදා ගන්නා බවත් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd