භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මහරාජා ෆුඞ්ස් පීඑල්සී සමාගම සිය හිමිකම් නිකුතුවක් හරහා රුපියල් මිලියන 112.5ක මුදලක් රැස් කරගැනීමට සූදානමින් සිටින බව පවසයි. පසුගියදා ඊට අදාළව අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙතෙක් සමාගම නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් තවත් කොටස් 10ක් හිමිවන ලෙස මෙම නිකුතුව සිදු කරයි. මෙහිදී නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 12,500,000 ක් වන අතර, එක් කොටසක් රුපියල් 9.00කට මිල කර තිබේ. ඒ අනුව නිකුතුවේ වටිනාකම රුපියල් 112,500,000කි.
මෙලෙස රැස් කරගන්නා රුපියල් මිලියන 112.5ක මුදලින් රුපියල් මිලියන 47.5 ක් එම සමාගම සහ SPAR සුපිරි වෙළෙඳ සල් ජාලය එක්ව කොටහේනේ SPAR අලෙවිසලෙහි පිහිටුවන SPAR-Maharaja SaveMore අලෙවිසල වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.
එසේම තවත් රුපියල් මිලියන 50 ක මුදලක් හැටන් නැෂනල් බැංකුවත් සමගින් පවතින කෙටිකාලීන ණය ආපසු ගෙවීම අතුළුව දැනට පවතින ණය පියවීම සහ සමාගමේ මූල්‍ය පිරිවැය අඩු කිරීමට යොදා ගන්නා බවත් සමාගම පවසයි.
2025 දෙසැම්බර් මස 04
519
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
478
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
418
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහරාජා ෆුඩ්ස් හිමිකම් නිකුතුවකින් රු.මි. 112.5ක් රැස් කරගැනීමට යයි