IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


බිස්නස්වල ලොකු ප්‍රවණතාවක් නෑ - මල්වත්ත පාරේ මාර්ක්ස් එන්ටර්ප්‍රයිසස් හිමිකරු බී. සන්දිරන්

ඕලන්ද යුගයේ දී ‘අවුද් ස්ටාද්’ යනුවෙන් හැඳින්වූ පෙදෙස බ්‍රිතාන්‍ය යුගයේ දී pettah නමින් හැඳින්විණි. කොළඹ නගරයේ කාර්යබහුලම තැන පිටකොටුව බව අමුතුවෙන් කිවයුතු නැත. පිටකොටුව වෙළෙඳ නගරයට දහවල් කාලයේ පිවිසෙන ඔබට එහි ඇවිදයාමට සිදු වන්නේ දැඩි අපහසුවකිනි. එයට හේතුවන්නේ වීදී පුරා පිරී ඉතිරී යන සෙනග හේතුවෙනි. පිටකොටුව වෙළෙඳපොළේ එළිමහන් කඩසාප්පු සහ වෙළෙඳපොළ මාලාවකි. එය තොග සහ සිල්ලර වෙළෙඳසල්, ගොඩනැගිලි, වාණිජ ආයතන සහ අනෙකුත් සංවිධාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ කාර්යබහුලම වාණිජ ප්‍රදේශයයි. මේ දිනවල වෙළෙඳාමේ තතු සොයා බැලීමට අප ගොඩ වුයේ පිටකොටුවේ මල්වත්ත පාරේ මාර්ක්ස් එන්ටර්ප්‍රයිසස් වෙළෙඳසල වෙතයි. එහි හිමිකරු වූ බී. සන්දිරන් මහතා අප හා අදහස් බෙදා ගත්තේ මෙලෙසිනි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි විකුණන්නේ ඉලෙට්‍රොනික භාණ්ඩ. නිවසකට අවශ්‍යකරන සියල්ලම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අපි ළඟ තියනවා. මේ දිනවල බිස්නස් ගැන කතා කරනවා නම් බිස්නස්වල ලොකු ප්‍රවණතාවක් නෑ. සාමාන්‍ය මට්ටමේන් තමයි බිස්නස් තියෙන්නේ. කලින් එදිනෙදා තිබ්බ බිස්නස් ප්‍රමාණය අඩු වෙලා තියෙන්නෙ. 

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?    

පිටකොටුව කියන්නේ සෙනග ගැවසෙන තැනක්. සමහර දිනවලට පාරේ එහෙ මෙහෙ යන්නත් බැරි තරම් සෙනග. එහෙත් මේ දිනවල මිනිස්සු ගැවසෙනවා හරිම අඩුයි. මේ කාලය ඕෆ් සීසන් එකක් විම සෙනග අඩු වෙන්න එක හේතුවක්. ඒ නිසා අපිට බිස්නස් අඩුයි. බිස්නස් අඩු වෙන්න මිල ගණන් බලපාන්නේ නෑ. මොකද මිල ගණන් නම් බොහොම සමාන්‍යයි. පහසු මිල ගණන් යටතේ ඉලෙක්ට්‍රික් භාණ්ඩ තියෙන්නේ. එහෙත් මේ පවතින ආර්ථික මට්ට්ම අනුව බලද්දි භාණ්ඩ මිල ගණන් අඩු වුණත් එකවර මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයන්ට නෑ. ගොඩක් පාරිභෝගිකයෝ අහන්නේ පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න දෙනවද කියලා. ඕක තමයි මේ දවස්වල බිස්නස් තත්වය.

ශෂිකා අබේරත්න
ඡායාරූප-ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස්වල ලොකු ප්‍රවණතාවක් නෑ - මල්වත්ත පාරේ මාර්ක්ස් එන්ටර්ප්‍රයිසස් හිමිකරු බී. සන්දිරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site