IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ත්‍රිකුණාමලය කප්පල්තුරේ ආයෝජන කලාපයේ අක්කර සීයයක් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට

  • සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම මේ වන විට ආරම්භ කරලා
  • මෙම කර්මාන්ත ශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිතයි

ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ත්‍රිකුණාමලය කප්පල්තුරේ ආයෝජන කලාපයේ අක්කර සීයයක් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට සමාගමකට ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ත්‍රිකුණාමලයේ පෙරේදා (15) පැවති දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන කමිටු රැස්වීමේදී පැවසීය. 

සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී ඇති බවද අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම සාකච්ඡාවකදී අනාවරණය කළේය.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීනවරාය අසල කප්පල්තුරේ වරාය අධිකාරියට අයත් භූමිය නිරීක්ෂණයට අමාත්‍යවරයා එක් විය.

එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාව සියලු‍ රාජ්‍ය ආයතන එක්විය. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර ගනිමින් ඉඩම් නිරවුල් කර ගැනීම, ප්‍රවාහන, මහා මාර්ග, දුම්රිය, විදුලිය, ජලය සඳහා අදාළ ආයතන ප්‍රධානින් සමඟ පැන නගින ප්‍රායෝගික ගැටලු‍ හා ඒ හා බැඳුණු විසඳුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය.

මෙම කර්මාන්ත ශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිත අතර, දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම සිංගල් සුපර් පොස්පේට්වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්ත ශාලාව ඉදිකෙරේ. මෙහි දෙවැනි අදියරයේදී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්ද ඉදිකිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් මහේෂ් හේමන්ත කුමාර අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර අතිරේක ලේකම්වරුන් වන එස්.ඩබ්ලිව්.සී. ජයමිණි, ඩබ්ලිව්.ඒ. මල්කාන්තී මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු එක්වී සිටියහ.

 



අදහස් (0)

ත්‍රිකුණාමලය කප්පල්තුරේ ආයෝජන කලාපයේ අක්කර සීයයක් පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site