LOLC පශු සම්පත් රක්ෂණය මිනිසා සහ කොටියා අතර සහජීවන පැවැත්ම ප්‍රවර්ධනය කරයි
දිවයිනට ආවේණිකවූ, දැනට පරිණත සතුන් 1,000 කට අඩු සංඛ්‍යාවක් වනයේ ඉතිරිව සිටින ශ්‍රී ලාංකික කොටියාගේ (Panthera pardus kotiya) පැවැත්ම, අද දැඩි අවධානමකට ලක්ව තිබේ. වාසස්ථාන අහිමි වීම, ගොදුරු හිඟවීම, මිනිසා විසින් අටවන උගුල් සහ පළිගැනීමේ අරමුණින් සිදුකරන ඝාතන නිසා මෙරට අග්‍රගන්‍ය විලෝපිකයා අවිනිශ්චිත අනාගතයකට මුහුණ දෙයි.