මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කරන ණයකර නිකුතුවක් හරහා රුපියල් බිලියන 20ක් රැස් කරගැනීමට සැලසුම් කර ඇතැයි පවසයි.
පසුගියදා එහි අධ්‍යක්ෂ මණ්ඩලය මේ සඳහා වන අනුමැතිය ලබාදී තිබේ. ඒ අනුව බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, වර්ගකෙරුණු, සුරක්ෂිත නොවූ, උපප්‍රධාන, පිරිමුදවාගත හැකි ණයකර ලෙස මෙම නිකුතුව යෝජනා කෙරී තිබේ.
එහිදී මූලික නිකුතුව ලෙස ණයකර කොටස් මිලියන 100ක් නිකුත් කෙරෙන අතර, එක් කොටසක් රුපියල් 100ක් බැගින් එහි වටිනාකම රුපියල් බිලියන 10කි. මෙම ණයකර වසර 5කින්, 7කින් සහ 10කින් කල් පිරෙන ලෙස නිකුත් කෙරේ.
මුල් නිකුතුවට හිමි වන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කෙරේ. ඒ හරහා රැස් කෙරෙන මුදල රුපියල් බිලියන 5 කි. ඊටත් හිමිවන අධි දායකත්වයත් සමගින් තවත් ණයකර කොටස් මිලියන 50 ක් නිකුත් කෙරෙන අතර එහි වටිනාකම රුපියල් බිලියන 5 කි.
ඒ අනුව සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 20 ක් ලෙස සටහන්ව තිබේ. කෙසේ වෙතත් මෙම නිකුතුව සම්බන්ධයෙන් අදාළ සියලුම නියාමන ආයතනවල මෙන්ම කොටස් හිමිකරුවන්ගේද අනුමැතිය අවශ්‍යව ඇතැයි කොමර්ෂල් බැංකුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd