
- පෙර වසරට සාපේක්ෂව මගීන් හැසිරවීමේ සියයට 15.9 ක වර්ධනයක්
භානුක අමරසිංහ
පසුගිය වසරේදී මෙරට ගුවන් තොටුපොළ හරහා ජාත්‍යන්තර මගීන් 10,202,109 දෙනකු හසුරුවා ඇතැයි ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි. ඒ අනුව මෙය 2024 වසරේදී එම සමාගම මගින් හැසිරවූ ජාත්‍යන්තර ගුවන් මගීන් මිලියන 8.88 හා සැසඳීමේදී සියයට 15.9ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ.
වසර තුළ සිදු කළ ජාත්‍යන්තර ගුවන් යානා හැසිරවීම් 64,340 ක් මගින් මෙම ගුවන් මගීන් සංඛ්‍යාව හැසිරවීම කර තිබේ. එය 2024 වසරේ සිදුකළ ගුවන් යානා හැසිරවීම් 56,289 හා සැසඳීමේදී සියයට 14.3 ක වර්ධනයකි.
ගුවන් සමාගම් 46ක් සමගින් ලෝව රටවල් 34ක ගමනාන්ත 72ක් වෙත පසු ගිය වසරේදී මෙම මගීන් හැසිරවීම සිදුකර තිබේ.
2025 වසර තුළ සිදු කර ඇති අභ්‍යන්තර ගුවන් මගී හැසිරවීම් සංඛ්‍යාවද කැපීපෙනෙන ලෙස ඉහළ ෙගාස් තිබේ.
ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමට අනුව 2025 වසර තුළ සිදු කර ඇති සමස්ත භාණ්ඩ හැසිරවීම මෙට්‍රික් ටොන් 190,280 කි. කෙසේ වෙතත් එය 2024දී සිදුකළ මෙට්‍රික් ටොන් 192,498 ට සාපේක්ෂව සියයට 1.16ක අඩුවීමකි.
මේ අතර පසුගිය වසර තුළ ගුවන් මගින් මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2,335,076 කි. පසුගිය වසරේ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 2,362,521 ක් ලෙස සටහන්ව තිබේ.
මෙහිදී පසුගිය වසර තුළ සංක්‍රමණ (ට්‍රාන්සිට්) මගී හැසිරවීම් යටතේ ගුවන් මගීන් 946,811 දෙනකු වෙත පහසුකම් සලසා දී ඇතැයිද ශ්‍රී ලංකා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පවසයි.
එම සමාගම යටතේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ රත්මලාන, මඩකළපුව ගුවන් තොටුපොළ සහ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ යන ගුවන් තොටුපොළ පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd