
- මාස 10කදී ගනුදෙනු 86,000 ක් හරහා රැපියල් මිලියන 115 ක දඩ මුදල් ගෙවීම් සිදු කරලා
‘GovPAY’ හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ ව්‍යාපෘතිය මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ කටයුතු පසුගිය පෙබරවාරි 03 වැනි දින සාර්ථකව නිම කෙරුණු එම අමාත්‍යාංශය සඳහන් කරයි.
අනුව 2025 අප්‍රේල් මාසයේදී පොලිස් ස්ථාන 11ක් කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ඇරඹි මෙම වැඩපිළිවෙළ අද වන විට දිවයිනේ පළාත් 9ම ආවරණය වන පරිදි ඉතාමත් විධිමත් ලෙස ව්‍යාප්ත කර ඇතැයි පැවසෙයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා රුපියල් මිලියන 115කට අධික දඩ මුදල් ප්‍රමාණයක් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ රජයට එකතු කර ඇති අතර, සාර්ථකව සිදු කරන ලද ඩිජිටල් ගනුදෙනු සංඛ්‍යාව 86,000 ඉක්මවා තිබේ.
දිවයිනේ ප්‍රමුඛ පෙළේ සියලුම බැංකු සහ ෆින්ටෙක් (Fintech) යෙදවුම් හරහා මෙම ගෙවීම් කිරීමේ හැකියාව පවතී.
මේ අතර, දිවයින පුරා විසිරී ඇති 55,000කට අධික Dialog eZ Cash නියෝජිතයන් හරහා අතැති මුදලින් (Cash) දඩ මුදල් ගෙවීමේ පහසුකම ද මහජනතාව වෙත පසුගියදා විවෘත කෙරුණු බවත් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ක්‍රමවේදය හරහා මින් ඉදිරියට රියදුරන්ට රටෙහි ඕනෑම ස්ථානයක සිට ක්ෂණිකව (On-the-spot) දඩ මුදල් ගෙවා තම රියදුරු බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව හිමි වන බව පැවසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd