
- සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක්
‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියෙන් එදිනෙදා ගෙවීම් කටයුතු හරහා ජීවිතවලට සවියක් වන්නට අවස්ථාව උදා කර දී ඇත.
සාමය, සංහිඳියාව සහ සාමූහිකව මනුෂ්‍යත්වය පෝෂණය කිරීමේ අරමුණින් පිහිටුවන ලද Colours of Courage අරමුදල සමඟ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. පිළිකා රෝගීන්ට සහාය වීම සඳහා ප්‍රජාව ඒකරාශී කිරීම, ඔවුන්ට රැකවරණය සැලසීම සඳහා අවස්ථා පුළුල් කිරීම යන කරුණු සඳහා මෙම අරමුදල දායකත්වය සපයනු ලබයි.
වැඩිහිටියන්ට සහ ළමා රෝගීන්ට උසස් මට්ටමේ පිළිකා ප්‍රතිකාර ලබාදීම සඳහා කරාපිටියේ ඇඳන් 160කින් සමන්විත මහල් 10ක Trail පිළිකා රෝහල ඉදිකිරීම සඳහා මාස්ටර්කාඩ් ඩොලර් 750,000කට අධික මුදලක් පරිත්‍යාග කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.
අති නවීන තාක්ෂණය භාවිතයෙන් රෝග විනිශ්චය, ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයක්, ශල්‍යාගාර සහ අංගසම්පූර්ණ අඛණ්ඩ සත්කාරවලින් සමන්විත මෙම රෝහල, ලංකාවේ පිළිකා ප්‍රතිකාර සඳහා ඉදිවන සුවිශේෂී රෝහලක් ද වනු ඇත.
පිළිකා රෝගීන්ගේ ජීවන තත්වය වැඩිදියුණු කිරීම සහ ප්‍රතිඵලවල ගුණාත්මක බව වැඩිදියුණු කිරීම උදෙසා ඉදිවන බලාපොරොත්තුවේ පහනක් ලෙස ද Trail පිළිකා රෝහල හඳුන්වා දිය හැකිය. සෞඛ්‍ය සේවා පහසුකම්වල සිට අධ්‍යාපනය සහ මූල්‍ය ක්ෂේත්‍රය දක්වා සමාජය වෙත ධනාත්මක බලපෑමක් කිරීම සඳහා මාස්ටර්කාඩ් සිය ජාලය, තාක්ෂණය සහ හවුල්කාරිත්වයන් උපයෝගී කරගනිමින් ගෝලීය වශයෙන් කටයුතු කරමින් සිටියි. මෙම ව්‍යාපෘතිය ද එහිම තවත් එක් දිගුවකි.
සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහයෝගීතාවේ සහ නවෝත්පාදනයේ බලය අත්‍යවශ්‍ය බව විශ්වාස කරන මාස්ටර්කාඩ්, “ජීවිතයක් වෙනුවෙන් Tap for Change” වැඩසටහන තුළින් එම විශ්වාසය තවත් තහවුරු කරන්නට සමත්ව ඇත. ජාතික සෞඛ්‍ය සේවා කටයුත්තකට ඩිජිටල් ගෙවීම් සම්බන්ධ කිරීම හරහා ලාංකිකයන්ට ජීවිතයක් වෙනස් කරන සද්කාර්යකට නොමිලේම දායක වීමේ අවස්ථාව උදා වේ. මාස්ටර්කාඩ් කාඩ්පත් හරහා සිදු කරන Contactless හෝ Online ගනුදෙනු ඇතුළු සෑම මිලදී ගැනීමකින්ම මුදලක් පාරිභෝගිකයා වෙනුවෙන් මෙම සද්කාර්ය වෙනුවෙන් බැර කරන්නට මාස්ටර්කාඩ් කටයුතු යොදා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd