

භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යා පාරයේ වසර තිහකට වැඩි කාලයක් පුරා පුරෝගාමියකුවනAA Japan සමාගමල ශ්‍රී ලංකාවේ පළමු කාර්යාලය පසුගියදා විවෘත කළේය.
මෑතකදී ලංකාව නැවතත් සිය වාහන ආනයන වෙළෙඳපොළ විවෘත කිරීමත් සමග AA Japan සමාගම විසින් වාහන 6,000කට අධික සංඛ්‍යාවක් මෙරටට අපනයනය කරන ලද අතර ඔවුන්ගේ වාහන සඳහා ලාංකික ගැනුම්කරුවන් වෙතින් ඉහළ ඉල්ලුමක් නිර්මාණය වී තිබේග සමාගම මේ වනවිට භාවිත කරන ලද ජපන් වාහන 18ල000කට වැඩි ගණනක් වාර්ෂිකව රටවල් 80කට වැඩි සංඛ්‍යාවකට අපනයනය කරන අතර ලංකාව හරහා මතුව ඇති ඉල්ලුම ද එහි සාර්ථකත්වය හොඳින් පිළිබිඹු කරයි.
වර්ෂ 1996දී හමීඩ් රම්සාන් මහතා විසින් සිය පවුලේ වාහන වෙළෙඳාම් ව්‍යාපාරයට සහාය වනු පිණිස ටෝකියෝ නුවරදී කුඩාවට ආරම්භ කරන ලදAA Japan සමාගමල වර්තමානය වනවිට භාවිත කරන ලද ජපන් වාහන අපනයන ව්‍යාපාරයේ ප්‍රමුඛ නාමයක් බවට පත්ව තිබේ.
මීට ඉහතදී දුරස්ථ සන්නිවේදන ක්‍රම උපයෝගී කරගනිමින් ගැනුම්කරුවන් සහ සමාගම අතර සන්නිවේදන කටයුතු සිදුවූ අතරල නව කාර්යාලය පිහිටුවීමත් සමග මුහුණට මුහුණලා සේවා සැපයීමටත්, සිය දේශීය දැනුම බෙදාදීමටත් සමාගමට හැකිවනු ඇතග තව ද ගැනුම්කරුවන්ට නව කාර්යාලය වෙත ගොස් සිය සියලු වාහන අවශ්‍යතා සඳහා විසඳුම්ල තමන් කැමැති භාෂාවකින් (ප්‍රධාන භාෂා තුන අතුරින්) ලබාගැනීමේ අවස්ථාව ද උදාවේ.
AA Japan සමාගම ජපානයේ සිට වාහන ආනයනයට අදාළ සියලු පියවර සම්පූර්ණ කරන අතර, ගැනුම්කරුවා වාහනය තෝරා ගැනීමේ අවස්ථාවේ සිට, නිවැරදි මිල ගණන් ඉදිරිපත් කිරීම, නාවික ප්‍රවාහන කටයුතු සම්බන්ධීකරණය කිරීම, ලියකියවිලි සකස් කිරීම, වාහන පරීක්ෂාවට ලක්කිරීම මෙන්ම අලෙවියෙන් පසු උපදේශන සේවා සැපයීම ද සිදුකරයි. බොහෝ පාරිභෝගිකයන්ට වෙනත් රටක සිට වාහනයක් ආනයනය කිරීම යනු ඉතාම සංකීර්ණ සහ අවදානම් කටයුත්තකි. එම සංකීර්ණ බව සහ අවදානම ඉවත් කරමින් ඉතා පහසුවෙන් තමන් කැමැති වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාවAA Japan සමාගම පාරිභෝගිකයන්ට පිරිනමයි.
ගෙවුණු වසර ගණනාවක පුරා ලාංකික ගැනුම්කරුවන් තුළ අපගේ වාහන සඳහා ඉහළ ඉල්ලුමක් අපි නිරීක්ෂණය කළා. ලංකාව තුළ අපගේ කාර්යාලයක් විවෘත කිරීමට පසුබිම් වුණේ එම පාරිභෝගික විශ්වාසයයි. ලොව පුරා අනෙක් රටවල්වල පාරිභෝගිකයන්ට අපි ලබාදෙන මට්ටමේ සේවාවක් ලාංකික පාරිභෝගිකයන්ටත් ලබාදීමේ වුවමනාව අප සතුව තිබුණා. දේශීය කාර්යමණ්ඩලයක් හරහා වඩාත් වේගයෙන් අපගේ සේවා පාරිභෝගිකයන්ට ලබාදීමේ හැකියාවත් අපට ලැබෙනවා. හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් ශක්තිමත් පාරිභෝගික සබඳතාවක් ගොඩනගාගැනීම අපේ අරමුණයි යනුවෙන්AA Japan සමාගමේ නිර්මාතෘ සහ සභාපති හමීඩ් රම්සාන් මහතා ප්‍රකාශ කළේය.
AA Japan සමාගම ජපානයේ වෙන්දේසි ආයතන හරහා ඍජුව වාහන ලබාගන්නා අතර, තමන්ගේම වාහන එකතුවක් ද කළමනාකරණය කරයි. තනි පුද්ගල ගැනුම්කරුවන් මෙන්ම වාහන අලෙවිකරුවන්, ඉදිකිරීම් සමාගම්ල ප්‍රවාහන සමාගම් ආදී ව්‍යාපාර ආයතන වෙත ද සමාගම සිය සේවා සපයයි. AA Japan සමාගම ආරම්භයේ පටන්ම වාහන අපනයනයට පෙර විධිමත් තත්ව පරීක්ෂාවකට ලක්කිරීම සිදුකරන බැවින් එවැනි පුළුල් පාරිභෝගික විශ්වාසයක් දිනාගැනීමට සමත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd