
Asiri Health විසින් මාතර දිස්ත්‍රික්කයේ හෘද රෝගීන්ට නවීන හා උසස් පෞද්ගලික හෘද සත්කාර සේවා ළඟා කරමින්, මාතර Asiri Hospital හි සිය නවතම Cardiac Catheterization Laboratory (Cardiac Cath Lab) සහ Coronary Care Unit (CCU) ස්ථාපිත කිරීම පසුගියදා සිදු කරන ලදී. මෙම ආරම්භ කිරීමත් සමග දකුණු පළාතේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් විය.
මෙම නව පහසුකම් හරහා, මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට දැන් coronary angiograms, angioplasty සහ stenting වැනි නවීන හෘද රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර සේවා, විශේෂිත හෘද සත්කාර පහසුකම් තම ප්‍රදේශය තුළදීම ලබාගැනීමට හැකියාව ලැබී ඇත. මෙය දිස්ත්‍රික්කයේ දිගු කලක් පැවති අවශ්‍යතාවක් සපුරාලන වැදගත් පියවරකි. නව හෘද ඒකකය, හෘද රෝග ඉක්මනින් හඳුනාගැනීම සහ අවශ්‍ය අවස්ථාවල දී වේගවත් ප්‍රතිකාර ලබාදීම සඳහා සැලසුම් කර ඇති අතර, ගුණාත්මක හා විශ්වාසනීය හෘද සත්කාර සේවා ඉක්මන් ප්‍රවේශයක් සහිතව දැරිය හැකි මිලකට ලබාගැනීමට රෝගීන්ට හැකිවීම මෙහි විශේෂත්වයයි. මේ හරහා මුල් අවධියේ හෘද රෝග හඳුනාගැනීම වර්ධනය කිරීම, වැළැක්විය හැකි සංකූලතා අවම කිරීම සහ ජීවිත රැකගන්නා ප්‍රතිකාර පහසුවෙන් ලබාදීම Asiri Health හි අරමුණයි.
මාතර Asiri Hospital Cath Lab නව Cath Lab මගින් හෘද රෝග විශේෂඥයන්ට පහසු ක්‍රම භාවිත කරමින් හෘද රුධිර නාළ අවහිරතා හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබෙන අතර, CCU ඒකකය හෘද ආබාධවලින් සුවය ලබන රෝගීන් සඳහා අඛණ්ඩ නිරීක්ෂණය සහ විශේෂිත පසු ප්‍රතිකාර සත්කාරය ලබා දෙයි. මෙම පහසුකම් දෙක හරහා මාතර දිස්ත්‍රික්කයේ හදිසි සහ දිගුකාලීන හෘද රෝග කළමනාකරණ හැකියාව ශක්තිමත් කරයි.
ලංකාවේ රෝහල් ගතවීම් සහ මරණ සඳහා ප්‍රධාන හේතුවක් වන හෘද රෝග සම්බන්ධයෙන්, මුල් අවධියේ හඳුනාගැනීම සහ වේගවත් ප්‍රතිකාරය, ජීවිත රැකගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. මාතර දිස්ත්‍රික්කයේ මෙම නව හෘද සත්කාර සේවා ස්ථාපිත කිරීම හරහා, ප්‍රතිකාර ප්‍රමාදය අවම කරමින්, රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වලට ඇතිවන ශාරීරික, මානසික හා ආර්ථික බර අඩු කිරීම Asiri Health හි අරමුණයි. මෙම නව ඒකක නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සන්නද්ධ වන අතර, අත්දැකීම් සහිත හෘද වෛද්‍යවරුන්, පුහුණු කළ විශේෂ හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් විසින් සේවා ලබා දෙන අතර Asiri Health හි ස්ථාපිත වෛද්‍ය පාලන රාමුව යටතේ, රෝගීන්ගේ ආරක්ෂාව, විශ්වාසනීයත්වය සහ සේවා ගුණාත්මකභාවය උසස් මට්ටමින් පවත්වාගෙන යනු ලබයි.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් මාතර Asiri Hospital හි මෙහෙයුම් අධ්‍යක්ෂ වෛද්‍ය සඳුන් රාජපක්ෂ යාපා මහතා මෙසේ සඳහන් කළේය. “මෙම Cath Lab සහ Coronary Care Unit ආරම්භ කිරීම මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා සඳහා වැදගත් ඉදිරි පියවරක්. අවුරුදු ගණනාවක් උසස් හෘද ප්‍රතිකාර සඳහා රෝගීන්ට දුර බැහැරට යාමට සිදු වූ අතර, එය හදිසි අවස්ථාවල දී වටිනා කාලය අහිමි වීමට හේතු වුණා. මෙම නව ඒකක හරහා අපි, කාලෝචිත, ගුණාත්මක සහ දැරිය හැකි ආකාරයේ හෘද සත්කාර ජනතාවට රැගෙන එනවා. දකුණු පළාතේ ජනතාවගේ සෞඛ්‍ය තත්වය වර්ධනය කිරීම අපගේ අරමුණයි”.
මෙම නව හෘද සත්කාර පහසුකම් මගින්, ප්‍රදේශයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට ද වේගවත් හඳුනාගැනීම මගින් මාතර දිස්ත්‍රික්කය තුළම සත්කාර අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා සහය ලබා දෙයි. රෝගීන්ට දැන්, පූර්ව පරික්ෂාව, සුවය සහ පසුකාලීන නිරීක්ෂණය දක්වා සම්පූර්ණ හෘද සත්කාර සේවා දේශීයව ලබාගැනීමට හැකියාව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd