

- විද්‍යුත් මෝටර් රථ 1500 ක් බෙදා හැරීම සහ TELD සමග උපායමාර්ගික හවුල්කාරීත්වයක් ගොඩනැංවීමෙන් බ්‍රවුන්ස් EV නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.
LOLC අනුබද්ධ බ්‍රවුන් සහ සමාගම පීඑල්සී හි විද්‍යුත් මෝටර් රථ අංශය වන බ්‍රවුන්ස් EV, ශ්‍රී ලංකාවේ විද්‍යුත් ප්‍රවාහන ගමන් මගේ කැපී පෙනෙන සන්ධිස්ථානයක්, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. මෙම අවස්ථාවේ වැදගත් සන්ධිස්ථාන තුනක් සැමරීම විශේෂත්වයකි.
BAW M8 ප්‍රමුඛතම බහු කාර්ය වාහනය නිල වශයෙන් එළිදැක්වීම, දිවයින පුරා විද්‍යුත් වාහන 1,500 ක් බෙදාහැරීම සහ ගෝලීය EV ආරෝපණ (චාජින්) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන චින්ඩාඕ (Qingdao TELD New Energy Technology Co., Limited (TELD) සමඟ සුවිශේෂි උපායමාර්ගික හවුල්කාරීත්වය ප්‍රකාශයට පත් කිරීම එම අවස්ථා තුනයි.
LOLC හෝල්ඩින්ග්ස් සහ බ්‍රවුන්ස් ඇන්ඩ් කොම්පැනි පීඑල්සී සභාපති ඉෂාර නානායක්කාර, LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන, බ්‍රවුන්ස් EV විධායක අධ්‍යක්‍ෂ විජිත බණ්ඩාර, බ්‍රවුන්ස් EV ප්‍රධාන විධායක නිලධාරී පවිත්‍රා ජයසේකර, උප සභාපති ෂිහොංගු, වීචාඕ ස්මාර්ට් ඔටෝ ඉන්ටර්නැෂනල් සමාගමේ (Weiqiao Smart Auto International Co.,Ltd) සාමාන්‍යාධිකාරී ෆෙඩ්යා ජියා, TELD (Qingdao TELD New Energy Technology Co., Limited) හි විදේශීය කලාප අධ්‍යක්ෂ ලිසෙන්ජි යන මහත්ම මහත්මීන් ඇතුළු LOLC සමූහයේ සහ BAW (Beijing Automobile Works Co. Ltd) සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි විය.
දැරිය නොහැකි මිල නිසා දීර්ඝ කාලයක් සීමාන්තික වී තිබූ ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළෙඳපොළේ වෙනසක් ඇති කිරීමට පෙරමුණ ගෙන ඇති බ්‍රවුන්ස් EV ශක්තිමත් ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් සහ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන යටිතල පහසුකම්වලින් විද්‍යුත් වාහන ක්ෂේත්‍රයේ ගෝලීය දියුණුව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ප්‍රායෝගික වශයෙන් අත්කරගත හැකි විසඳුම් බවට පත්කර ඇත.
සන්ධ්‍යාවේ උත්කර්ෂවත්ම අවස්ථාව වූයේ BAW M8 බහු කාර්ය වාහනය එළිදැක්වීමයි. 1951 දක්වා විහිදෙන උරුමයක් සහිත බීජින් ඔටෝ මෝබයිල් වර්ක්ස්, ෆෝචූන් ග්ලෝබල් 500 Shandong Weiqiao Pioneering Group යටතේ සංවර්ධනය කරන ලද M8 ඊළඟ පරම්පරාවේ BAW වාහන පරිණාමය පිළිබිඹු කරයි.
පවුලේ වාහනයක් ලෙස සහ විධායකයන් සහ වාහන පොළ මෙහෙයවන්නන් වෙනුවෙන් නිර්මාණය කර ඇති BAW M8 නම්‍යශීලී ආසන සහ විශිෂ්ට කැබින් අත්දැකීමක් සමග මනාව ඒකාබද්ධ කර තිබේ. මීටර් 5.3 ක ඉඩකඩ සහිත වේදිකාවක් මත මිලිමීටර් 3,200 වීල් බේස් එකක් සහිතව, අභ්‍යන්තර සුවපහසුවට ප්‍රමුඛත්වය ලබාදෙමින් BAW M8 නිර්මාණය කර ඇත්තේ අති නවීන බාහිර පෙනුමක් සහිතවයි. දිගු දුර ධාවනයේදී විශ්වාසයෙන් යුතුව සුමට රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙන M8 කිලෝමීටර් 1,050ක පරාසයක් ඉක්මවන අතර, ශ්‍රී ලංකාවේ රිය පැදවීමේ තත්වයට හොඳින්ම ගැළපේ.
M8 වාහනය ඇතුළත විශාල පාවෙන ‘ටච් ස්ක්‍රීන්’ එකක්, ඩුවල් පවර් ස්ලයිඩින් දොරවල්, විද්‍යුත් ආකාරයෙන් සැකසිය හැකි ආසන, පාදවලට විවේකයක් ලබාදීම මෙන්ම ආසන උණුසුම් කිරීමේ සහ සම්බාහන විකල්ප ද ඇතුලත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් උපාංග පෙළකින් සමන්විතයි. දේශගුණික කලාපය අනුව සැකසීමේ හැකියාව සහ හොඳ වාතාශ්‍රයක් සහතික කරන M8 පිටතට බලය මුදා හැරීමේ හැකියාවෙන්ද යුක්තවේ. වායු බෑග් (airbag) පෙළක්, ඉලෙක්ට්‍රොනික ස්ථායිතා පද්ධති සහ උසස් තිරිංග තාක්ෂණයෙන් වාහනයේ ආරක්ෂාව ශක්තිමත් කර ඇත. රුපියල් මිලියන 21 මිලකට හඳුන්වා දෙන BAW M8 ශ්‍රී ලංකාවේ බහු කාර්ය වාහන වෙළෙඳපොළේ අති සුඛෝපභෝගී පහසුකම් සහ දැරිය හැකි මිල අතර පරතරය පියවන අතර, ඊට මුල් පෙළේ සුව පහසුව සහ නවීන තාක්ෂණය පිරිනමයි.
මීට සමාන තවත් සිදුවීමක් වූයේ බ්‍රවුන්ස් EV මෙරට අලෙවි කළ 1,500 වැනි විද්‍යුත් වාහනය උත්සවාකාරයෙන් භාරදීමයි. එමඟින් බ්‍රවුන්ස් EV වෙත පවතින ශක්තිමත් වෙළෙඳපොළ විශ්වාසය සහ අඛණ්ඩව පොරොන්දු ඉටුකරලීමට ඊට ඇති හැකියාව පිළිබිඹු කරයි.
BAW – E6 සහ BAW – E7 වැනි මාදිළිවල ශක්තිමත් ක්‍රියාකාරීත්වය මත ළඟාකර ගැනුණු මෙම සන්ධිස්ථානය විද්‍යුත් වාහන වෙත යොමු වූ තීරණාත්මක වෙනසක් සනිටුහන් කරයි. මෙම උත්කර්ෂවත් අවස්ථාව අමතමින් LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා මෙසේ පැවසීය. “බ්‍රවුන්ස් EV හරහා අපි ශ්‍රී ලංකාවේ වාහන හිමිකාරීත්වයට නව අරුතක් ලබා දී තිබේ. නවීන තාක්ෂණයෙන් යුත් උසස් මට්ටමේ වාහනයක් හිමිකර ගැනීම කලක් ළඟාකර ගත නොහැකි සිහිනයක් වුවත්, අපි දැන් 1,500 ඉක්මවූ පිරිසකට එය යථාර්ථයක් බවට පත්කර තිබේ. රුපියල් මිලියන 5කට අඩු වාහනයක් ලබාදීම සඳහා 2025 වසරේ මුල් භාගයේදී ප්‍රතිඥාවක් ලබාදුන් අපි වගකීමෙන් යුත් ජනතා කේන්ද්‍රීය ආයතනයක් ලෙස එම පොරොන්දුව ඉටු කළෙමු. මූල්‍යකරණය, රක්ෂණය සහ අලෙවියෙන් පසු සේවාව සහ දැන් දිවයින පුරා පිහිටුවන EV ආරෝපණ මධ්‍යස්ථාන සඳහා උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹීමෙන් පූර්ණ ඒකාබද්ධ යටිතල පහසුකම් පද්ධතියක් ඊට සහය වෙයි.
මේ සියල්ල හරහා LOLC ගනුදෙනුකරුවන් උදෙසා තිරසාර වටිනාකමක් අඛණ්ඩව නිර්මාණය කරමින් ජාතියට අර්ථවත් ප්‍රගතියක් ළඟාකර දෙයි. “මෙම යටිතල පහසුකම් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කරමින්, ලොව විශාලතම EV ආරෝපණ මෙහෙයුම්කරු සහ නිෂ්පාදකයා වන ඔෑඛෘ TELD (Qingdao TELD New Energy Technology Co., Limited) සමඟ සුවිශේෂී හවුල්කාරිත්වයක් ප්‍රකාශයට පත් කිරීම ද මෙම උත්සවයේදී සනිටුහන් විය. මෙමගින් EV භාවිත කරන්නන් සඳහා, තීරණාත්මක සාධකයක් වන විශ්වාසදායක සහ පහසු ආරෝපණ ප්‍රවේශයට සෘජුවම පිළිතුරු සපයයි. EV ආරෝපණ විසඳුම් සපයන්නන් අතර ගෝලීය ප්‍රමුඛයා මෙන්ම චීනයේ, ඒ සඳහා මිනුම් සලකුණු තබා ඇති TELD, තාක්ෂණික පේටන්ට් බලපත්‍ර 1,300 ක් පමණ හිමිකරගෙන ඇති අතර, 1,500 කට අධික පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමකින් සමන්විත චීනයේ EV ආරෝපණ මධ්‍යස්ථාන වලින් සියයට 40 ක් පමණ වෙළෙඳපොළ කොටසක් හිමිකරගෙන ඇති TELD, ලොව පුරා EV ආරෝපණ මධ්‍යස්ථාන 800,000 කට වැඩි සංඛ්‍යාවක් පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd