|
තොරතුරු හා මාධ්‍ය කළමනාකරු නුවන් චන්ද්‍රසේකර |
ශ්‍රී ලංකාව ලෝකයේ වඩාත්ම කාර්යක්ෂම පොල් නිෂ්පාදකයා කරවීමේ දැක්මෙන් යුතුව, ශ්‍රී ලංකාවේ දේශීය පරිභෝජනය ඉල්ලුම සහ අපනයන අවශ්‍යතාවය සපුරාලමින් ස්වයංපෝෂිත තත්ත්වය ළඟාකර ගැනීම පොල් වගා කිරීමේ මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ.
ඒ අනුව ඵලදායී උපදේශනය හා ව්‍යාප්ති සේවාවන් මගින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමත්, පොල් ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීමත් තුළින් පොල් වගාකරුවාට ඉහළ ජීවන මට්ටමක් සාක්ෂාත් කරවීමේ මෙහෙවරෙහි පොල් වගාකිරීමේ මණ්ඩලය නිරතව සිටියි.
මේ යටතේ පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් 2026 වසරේදී ද පොල් වගාකරුවන් වෙනුවෙන් සේවාවන් රැසක් ලබාදීමට සැලසුම් කර ඇත.
එහිදී උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක පොල් පැළ ලබාදීම, රෝග පලිබෝධ මර්දනය, පොහොර සහනාධාරය හා ජල සම්පාදනය සඳහා සහනාධාර ලබාදීම, “කප්රුක” ආයෝජන ණය යෝජනා ක්‍රමය යටතේ සහනදායී පොලියට ණය පහසුකම් ලබාදීම, දිවයිනම ආවරණය වන පරිදි වගාකරුවන් වෙත අවශ්‍ය නව තාක්ෂණික දැනුම, යෙදවුම් හා ව්‍යාප්ති සේවය ලබාදීම. 1916 ක්ෂණික දුරතකන සේවය ක්‍රියාත්මක කිරීම වැනි සේවාවන් පෙන්වා දිය හැකියි.
2026 වසරේදී උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක පොල් පැළ ලබාදීම යටතේ නව, නැවත හා යටි වගාවන් ලෙස ක්‍රමවත් වගාව යටතේ සිටුවීම සඳහා වගාකරුවන් වෙත උසස් ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක පොල් පැළ මුදලට හා සහනාධාර යන දෙයාකාරයටම ලබාදීම පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් සිදුකෙරේ. ඒ යටතේ, ප්‍රජා ශක්ති ගෙවතු වගා වැඩසටහන යටතේ නොමිලේ පොල් පැළ ලබාදීම හා සාමාන්‍ය ගෙවතු වගා වැඩසටහන යටතේ පොල් පැළ සහනාධාර යටතේ ලබාදීම සිදුකෙරේ.
රෝග පලිබෝධ මර්දනය යටතේ, දැනට පවතින පොල් වගාව හා ඵලදාව ආරක්ෂා කරගැනීම සඳහා රෝග පලිබෝධ මර්දනය හා වන සතුන්ගෙන් වන හානි වලක්වා ගැනීම සඳහා සහනාධාර ලබාදීම සිදුකෙරේ.
එමෙන්ම, පොහොර සහනාධාරය හා ජල සම්පාදනය සඳහා සහනාධාර ලබාදීම යටතේ, දැනට පවතින පොල් වගාවේ ඵලදායිතාවය වැඩිකර ගැනීම සඳහා APM 50kg පොල් පොහොර මිටියක් රු. 4,000/= ක සහන මිලට ලබාදීම හා ජල සම්පාදනය සඳහා සහනාධාර ලබාදීම සිදුකෙරේ.
“කප්රුක” ආයෝජන ණය යෝජනා ක්‍රමය යටතේ සහනදායී පොලියට ණය පහසුකම් ලබාදීම හරහා පොල් වගා කිරීම, පොල් වගාව පුනරුත්තාපනය, අතුරු බෝග වගාව. ජල සම්පාදනය, සත්ත්ව පාලනය, කෘෂි උපකරන මිලදී ගැනීම ඇතුළු පොල් ආශ්‍රිත කාර්යයන් සඳහා ණය ලබාදීම සහ පොලී සහන ලබාදීම, ප්‍රතිමූල්‍ය නිදහස් කිරීම, ඇප ආවරණය කිරීම ආදී සේවාවන් රැසක් පොල් වගාකරුවන් වෙත ලබාදීම සිදුකෙරේ.
තවද, දිවයිනම ආවරණය වන පරිදි වගාකරුවන් වෙත අවශ්‍ය නව තාක්ෂණික දැනුම, යෙදවුම් හා ව්‍යාප්ති සේවය ලබාදීම යටතේ, පොල් වගාව සම්බන්ධයෙන් වන නව ගෝලීය ප්‍රවණතාවන්ට අනුව ශ්‍රී ලංකාවේ වගාකරුවන් වෙත අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබාදීම හා නව තාක්ෂණයට අනුව පොල් වගාව සිදුකිරීම සඳහා අවශ්‍ය යෙදවුම් හා උපකරණ සම්බන්ධයෙන් වගාකරුවන් දැනුවත් කර මගපෙන්වීම සිදුකෙරේ.
හඳුන්වා දී ඇති 1916 ක්ෂණික දුරකතන සේවය සිංහල, දෙමළ, ඉංගීසි යන භාෂා තුනෙන්ම ක්‍රයාත්මක වන අතර එමගින් පොල් වගාව සම්බන්ධයෙන් ඇතිවන ගැටලු ක්ෂණිකව නිරාකරණය කරගැනීමට පොල් වගාකරුවන් වෙත අවස්ථාව සලසා දී තිබේ.
1941 අංක 44 දරණ පොල් සංවර්ධන ආඥා පනත යටතේ 1972 වසරේ මාර්තු මස 30 දින ගැසට් පත්‍රයේ පලකරන ලද නියෝගයකින් පොල් වගාවේ සංවර්ධනය, ප්‍රවර්ධනය සහ ව්‍යාප්තිය සඳහා පිහිටුවන ලද ආයතනයකි.
පොල් වගාකිරීමේ මණ්ඩලයේ කාර්යභාරය වඩාත් විධිමත්ව සහ ඵලදායීතාවයෙන් යුක්තව සපුරාගැනීම සඳහා දිවයින පුරා ප්‍රාදේශීය කාර්යාල 20ක් පිහිටුවා ඇති අතර, එම ප්‍රාදේශීය කාර්යාලයන්ට අනුයුක්තව ප්‍රාදේශීය කළමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ව්‍යාප්ති නිලධාරීන්, ගොවිපළ සැලසුම් නිලධාරින්, පොල් සංවර්ධන නිලධාරීන් හා පොල් සංවර්ධන සහකාර නිලධාරීන්ගෙන් සමන්විත 225කට ආසන්න ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයක් මේ වනවිට පොල් වගාකිරීමේ මණ්ඩලය සතුව සිටියි.
මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලය ව්‍යාප්ති සේවයක් ක්‍රියාත්මක කරනු ලබන අතර එම ව්‍යාප්ති සේවය මගින් පොල් වගාකරුවන්ට අවශ්‍ය නවීන තාක්ෂණය හා පර්‌යේෂණ ආයතන සොයා ගන්නා අලුත් තොරතුරු පොල් වගාකරුවන් වෙත ලබා දී පොල් වගාකරුවන් දැනුමෙන් සන්නද්ධ කිරීම සිදු කරයි.
එබැවින්, ඉහතින් දක්වා ඇති පරිදි පොල් වගාකිරීමේ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ දේශීය පරිභෝජනය ඉල්ලුම සහ අපනයන අවශ්‍යතාවය සපුරාලමින් ස්වයංපෝෂිත තත්ත්වයක් ලඟාකර ගැනීම සඳහා ඵලදායී උපදේශනය හා ව්‍යාප්ති සේවාවන් මගින් පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමත්, පොල් ඉඩම්වල ඵලදායීතාවය ඉහළ නැංවීමත් තුළින් පොල් වගාකරුවාට ඉහළ ජීවන මට්ටමක් සාක්ෂාත් කරවීමේ දැවැන්ත මෙහෙවරෙහි නිරත වී සිටින බැවින් එම අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පොල් වගාව හා සම්බන්ධ සියලු පාර්ශවයන් පොල් වගාකිරීමේ මණ්ඩලය සමග අත්වැල් බැඳගන්නා මෙන් ආරාධනා කර සිටිමි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd