
| සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා |
ප්‍රධාන විධායක නිලධාරී සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් |
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී (මීට පෙර ඔරිඑන්ට් ෆිනෑන්ස් පී එල් සී), 2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මාස 9 ක කාලසීමාව තුළ ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් වාර්තා කරගෙන තිබේ. සමාගමේ ප්‍රධාන ව්‍යාපාර අංශවල තිරසාර වර්ධනය, සැලසුම් විධිමත්ව ක්‍රියාවට නැංවීම සහ, පරිමාණය හා කාර්යක්ෂමතාව කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කිරීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
‘‘මෙම කාලපරිච්ඡේදය තුළ වාර්තා වී ඇති කාර්ය සාධනය අපගේ ක්‍රමෝපායික ප්‍රමුඛතාවල පැහැදිලිකම සහ පාලන රාමුවේ ශක්තිය මැනැවින් පිළිබිඹු කරනවා. විශ්වාසයෙන් යුතුව ව්‍යාපාරය මෙහෙයවන ශක්තිමත් නායකත්වයක් සහිතව, සමාගමේ ලාබදායීත්වය අඛණ්ඩව පවත්වා ගනිමින් සහ පාර්ශ්වකරුවන්ගේ විශ්වාසය දිනාගනිමින්, දිගින් දිගටම වර්ධනය වීමට අපට හැකි වී තිබෙනවා.” ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා පැවසීය.
මෙම සමාලෝචනයට අදාළ කාලපරිච්ඡේදයේදී සමාගමේ බදු පෙර ලාබය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 39 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 389 ක් ලෙස වාර්තා වී ඇත. මෙහෙයුම් ආදායම ඉහළ යාම සහ සේවා කළඹ පුළුල් වීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. තිරසාර ණය දීමේ ක්‍රියාකාරකම් සහ ව්‍යාපාර පරිමාණය පුළුල් වීම හේතුවෙන් සමාගමේ ශුද්ධ මෙහෙයුම් ආදායම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 35 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.2 ක් ලෙස වාර්තා වී ඇත. අදාළ කාලපරිච්ඡේදය තුළ සමාගමේ ශුද්ධ බදු පසු ලාබය රුපියල් මිලියන 240 ක් විය.
ප්‍රධාන ණය කාණ්ඩවල පැවති ඉල්ලුම සහ ඉලක්කගත වර්ධන වැඩසටහන් හේතුවෙන් සමාගමේ නිකුත් කළ ණය සහ අය විය යුතු ගෙවීම්වල සමස්ත වටිනාකම පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 49 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 29 ක් ලෙස වාර්තා වී ඇත. අරමුදල් විවිධත්වය සහ පාරිභෝගික විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් සමාගමේ තැන්පතු වටිනාකම රු. බිලියන 17 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සියයට 14 ක වර්ධනයකි.
‘‘මෙම කාලපරිච්ඡේදය තුළ වගකීම්සහගත ලෙස ණය දීම් ක්‍රියාවලිය පුළුල් කරමින් අරමුදල් පදනම ශක්තිමත් කරගැනීමට සහ මෙහෙයුම් ශක්‍යතාව වැඩිදියුණු කරගැනීමට අප අවධානය යොමු කළා. අපගේ මධ්‍යම කාලීන ක්‍රමෝපාය ක්‍රියාත්මක කිරීමට සහ වෙළෙඳපොළ අවස්ථාවලට ප්‍රතිචාර දැක්වීමට සමගාමීව ප්‍රධාන දර්ශක තුළ අප පෙන්නුම් කර ඇති මෙම වර්ධනය, සමාගමේ ශක්තියට මනා සාක්ෂියක්.” ජනශක්ති ෆිනෑන්ස් පී එල් සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි සිදම්බරම් ශ්‍රී ගණේන්ද්‍රන් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd