ඉන්ධනහලේ කළමනාකරු තෙල් පන්නද්දී මාට්ටු ඉන්ධන නොමැතිව දින 36ක් තිස්සාසේ වසාදමා තිබූ මග්ගොන පිරවුම්හලේ කළමණාකරු අද (16) රාත්‍රි විදුලි විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් ලීටර් 25 ක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලුහුබැඳ අල්ලා පයාගල පොලිසියට බාරදී තිබේ . 16 July 2022
මැදිරිගිරියට දින 16කට පසුව ලැබුණු ඉන්ධන සෞඛ්‍යට පමණයි මැදිරිගිරිය සමූපකාර ඉන්ධන පිරවුම්හලට දින 16 පසු පැමිණි ඉන්ධන තොගය සෞඛය අංශයේ සේවකයන්ට පමණක් ලබා දීමට කටයුතු කිරීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය. 16 July 2022
’’රනිල් පාඩම් ඉගෙන ගන්නෙ මේ පාර තමයි’’ ’’රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි’’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය. 16 July 2022
ජීවන බර අඩු කරන්න රනිල්ගෙන් සහන දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 16 July 2022
ශ්‍රීලනිපයේ සහය කාටවත් නෑ ජනාධිපති ධූරය සදහා ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයකුට ඡන්දය නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 16 July 2022
මන්දිරවලටවූ විනාශය ගැන විගණනයක් අරගල කරුවන් අතින් විනාශ වූ ජනාධිපති මන්දිරය ඇතුළු කොළඹ නගරයේ මන්දිර වල දේපළ සම්බන්ධයෙන් විගණනයක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ. 16 July 2022
දිස්ත්‍රික්කවලට පොහොර බෙදෙන්නේ මෙහෙමයි ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 16 July 2022
පොහොට්ටු සභාපති - ලේකම්ගෙන් කරුණු විමසයි දැනට පුරප්පාඩු වී ඇති ජනාධිපති තනතුරට සුදුස්සකු තෝරා ගැනීමේ ඡන්දයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කළේ කුමන පදනමක් මත දැයි එහි සභාපති ජී.එල්.පීරිස් මහතා ලිපියක් යොමු කරමින් පක්ෂ මහලේකම් සාගර කාරියවසම්ගෙන් විමසා ඇත. 16 July 2022
ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි කිරීම ඇරඹේ ඉන්ධන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා ’ජාතික ඉන්ධන බලපත්‍රයක්’ නිකුත් කිරීම වාහන ලියාපදිංචි කිරීම අද (16) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පස්වරුවේ පැවසීය. 16 July 2022
‘‘මහ ලේකම් කිව්වේ මහා බොරුවක්‘‘ අපි නායකයන්ට පැහැදිලිව කියනවා ඒක මේසෙක වාඩි වෙලා තීන්දු කරන්න ජනාධිපති කව්ද ? අගමැති කවුද? කියලා. එහෙම නැතුව ඡන්දවලට ගිහිල්ලා කෝටි ගණන් නාස්ති කරලා ජනතාව තව තවත් පීඩනයට ලක් කරන්න එපා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවසීය. 16 July 2022
අඹ සනා ඝාතනයට තුනක් සැකපිට පෑලියගොඩ මැනිං වෙළඳ සංකිර්ණයේදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක අඹ සානා වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් පුද්ගලයන් තිදෙනකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි 16 July 2022
අනුරත් ජනපති තරඟයට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 16 July 2022
ධනාත්මක කාර්යක් ඉටු කිරීමට චීනය සූදානම් ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග,ණය බර සැහැල්ලු කර ගැනීමට ධනාත්මක කාර්ය බාරයක් ඉටු කිරීමට සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක චැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය. 16 July 2022
රන්ජන්ට නිදහස ? සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට උපදෙස් දුන්නේය. 16 July 2022
ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක් එයි ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 රැගත් නෞකාවක් කොළඹට අද (16) අලුයම ළඟා වූ බවත් එම පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 16 July 2022
ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය මැති සබයට ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය. 16 July 2022
පාර්ලිමේන්තුව විනාඩි 13කට සීමා වෙයි පාර්ලිමේන්තුව පැවැත්වුණු කාලය අද විනාඩි 13කට සීමා විය. 16 July 2022
ජනපති තෝරන දිනය නිල වශයෙන් දැනුම් දෙයි ජුලි 19 වැනිදා ජනාධිපතිවරයා පත්කරගැනීමේ නාමයෝජනා බාර ගන්නා බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සභාවට නිල වශයෙන් දැනුම් දුන්නේය. 16 July 2022
ජනපති ධුරය හිස් වී ඇතැයි පාර්ලිමේන්තුවට දැනුම් දෙයි ජනාධිපති ධුරය පුරප්පාඩු වී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 16 July 2022
තුන්වේල කාපු පවුල් ලක්ෂ 9ක් එක වේලට වැටිලා රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට ඇද වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 16 July 2022
ජනපති වෙන්න හතරක්:අගමැති වෙන්න තුනක් තරඟ බිමේ නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ 16 July 2022
’’තෙල් නොලැබුණහොත් මැතිසබයට එන්නේ නෑ’’ ඉන්ධන ලබා ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොයෙදුවහොත් පාර්ලිමේන්තු රැස්වීම්වලට ඉදිරි දිනවල සහභාගී නොවන බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම්දී ඇත. 16 July 2022
පාර්ලිමේන්තුව අවට දැඩි සෝදිසියක් පාර්ලිමේන්තුව අද උදේ 10.00ට රැස්වීමට නියමිතව ඇති හෙයින් ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරනු ලැබ ඇත. 16 July 2022
තැන තැනට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 July 2022
සෝභිත හිමියෝ අනතුරු අඟවති අරගල භූමියේදී යුද හමුදා සෙබළුන් සන්තකයේ තිබූ ස්වයංක්‍රීය අවි පැහැර ගැනීම බරපතල සිදුවිමක් එම අවි පාතාල කල්ලි අතට පත්වූවාද? මැර කණ්ඩායම් අතද ? කොයි අවස්ථාවේ කොහේදී ඒවා පත්තු වේද ? අරගලය වෙනතකට යොමුකළ බරපතල ප්‍රශ්නයක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඇඹිලිපිටියේදී අනතුරු ඇඟවූහ. 15 July 2022
වැඩබලන ජනපතිට මහා සංඝරත්නයේ ආශිර්වාද ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමයේ දී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තේය. 15 July 2022
කටුගහහේන රෝහලෙන් දේව ක්‍රියාවක් පාපැදියෙන් ගොස් ඉතිරිකරගත් ඉන්ධනවලින් තම පෞද්ගලික මෝටර් රථයෙන් හෘදරෝගියකු කළුතර මහරෝහලට රැගෙන ගොස් එම රෝගියාගේ ජීවිතය බේරාගැනීමට කළුතර කටුගහහේන රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පියවරගත් පුවතක් මතුගම කටුගහහේන රෝහලෙන් වාර්තා විය. 15 July 2022
සති අන්තයෙත් පැය 3ක විදුලි කප්පාදුවක් විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා දැනට ක්‍රියාත්මක පැය 3 ක විදුලි කප්පාදුව අද සහ හෙට (16 සහ 17) අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (15) පස්වරුවේ පැවසීය. 15 July 2022
රටවල් හතරක තැපැල් භාණ්ඩ භාරගැනීම නවතී ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සීමාකිරීම සහ අත්හිටුවීම හේතුවෙන් ඇමෙරිකාව, නෙදර්ලන්තය, ඊශ්‍රාලය සහ රුසියාව යන රටවල්වලට තැපැල් භාණ්ඩ භාරගැනීම නවැත දැනුම් දෙනතුරු අත්හිටුවූ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය. 15 July 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026