(අජන්ත කුමාර අගලකඩ)
නව ජනාධිපතිධුරය සඳහා පාර්ලිමේන්තුවේ සිවුකොන් සටනක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර මෙම සටන නිර්මාණය වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් සිවුදෙනාම ජනාධිපතිධුරයට පත්වීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු මැදිහත් වී සිටින අතර, ඔහුට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහාය දිනා ගැනීම සඳහා එම පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ ඇමතිවරුන් දෙදෙනකු මූලිකත්වය ගෙන සිටින බවද දැනගන්නට ඇත.
පොදුජන පෙරමුණේ ප්‍රබලයකු එම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුරකථන ඇමතුම් දෙමින් ,රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන ලෙස,ඉල්ලීම් කරමින් සිටින බවද වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම සඳහා පක්ෂයේ ප්‍රබලයන් දැඩි වෙහෙසක් දරමින් සිටින අතර,අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම ද ඔහුට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.
මේ අතර,ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ මෙහෙයුම පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන අතර,හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ද අලහප්පෙරුම මහතාට සහාය දීමේ සූදානමක සිටින බව දැනගන්නට ඇත.
මේ තත්වය හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පාර්ශ්ව තුනකට බෙදී ඇතැයි දැනගන්නට ඇත.
එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට ද ,තවත් කිහිප දෙනකු සජිත් ප්‍රේමදාස මහතාට ද ,තවත් කිහිප දෙනකු ඩලස් අලහප්පෙරුම මහතාට ද සහාය දීමේ පිළිවෙතක සිටින බව දැනගන්නට තිබේ .
මේ අතර, නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහාද,මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම සිය සුදුසුකම් ඉදිරිපත් කරමින් සිටින බව දැනගන්නට ඇත.
සභානායක දිනේෂ් ගුණවර්ධන ,අනුර ප්‍රියදර්ශන යාපා සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් අගමැතිධූරය අපේක්ෂාවෙන් සිටින බවද දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජ මගුල් කියලා අහලා නැද්ද? 225 න් බුදුදහම දන්නා අයගෙන් සප්ත අපරිහානීය ධර්ම මොනවද අහන්න කැමතියි. මෙයින් එකක් එනම් සමගිව රැස්වීම මුස්ලිම් සහෝදර පිරිසත් නිතර අදහන ධර්මයක් නේද? ඒකනේ ඔවුන් සියලුදෙනාම සිකුරාදා රැස්වී සාකච්ඡා කරන්නේ... 225 දෙනාම තේරුම් ගන්න ඕනෑ... නැගීසිටිය හැක එක්සත් වී.. බෙදීගියොත් රට යයි සුන්වී කියලා.. ඔක්කෝමලා බලයෙන් උන්මාද වෙලා ඉන්නේ මොකුත්ම බැරි නම් මේ ටිකකලට රනිල් ජනාධිපති, හර්ෂ මුදල් ඇමති, පාඨලී අගමැති... ෆොන්සේකා ආරක්ෂක ඇමැති. සජිත් බලශක්ති ඇමැති.. මෛත්‍රිපාල කෘෂිකර්ම හා ආහාර ඇමැති, හරින් අධ්‍යාපන ඇමැති, ඩලස් ජනමාධ්‍ය ඇමැති, සුමන්දිරම් අධිකරණ ඇමැති. මුස්ලිම් කොංග්‍රසය සඳහා වැවිලි කර්මාන්ත ඇමැති. අනුර සුව ඇමැති, දේවානන්ද ධීවර ඇමැති... ලෙසට පත්කර පාලනය ගෙනයන්න..
රනිල් තමයි සුදුස්සා. එයාට දීලා බලමු. මේ ටික කාලෙට රට ආයේ පහළට වැටෙන්න තවත් නෑනේ. රට අමාරු කාලවලදී උර දුන්නේ මෙයා විතරයි. රාජපක්ෂ පවුල බේරගන්න උදව් කළා තමයි.. ඒවා පස්සේ කියමු...
ඇත්තට පුරවැසියන්ගේ ඡන්ද නැතිවම ජනාධිපති, අගමැති වෙන්න පුළුවන් තරු හයේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටක ඉපදෙන්න අපි මොන තරම් පින් කරලා ඇතිද? පෙර ආත්මවල...
ඔච්චර ද ඉන්නේ? ඔතැනට තව අඩුනේ අරගල භූමියේ නියෝජනයක්...!
ඡන්ද ප්‍රමාණය ඩලස්ට තමයි වැඩි. මේ වෙලාවේ රනිල්ට වාසිය අඩුයි...
අරගලයෙන් මේ ඔක්කොම පලවා හරින්න ඕනෑ...
පාඨලීට නම් එයාගේ ඡන්දෙනම් හරියට වැටෙයි...!
සමහරුන්ට නම් නම යෝජනා කරන්නවත් මන්ත්‍රී කෙනෙක් හොයාගන්න බැ. බල තණ්හාව ඇරුණාම රට හදන චේතනාවක් නැහැ...
අනේ පව්... ඕක ටෝකන් ක්‍රමයකට හරි බෙදලා දෙන්න. නැත්නම් ඉදිරි අවුරුදු දෙකේත් කණක් ඇහිලා ඉන්න බැරිවෙයි.
අනුර ප්‍රියදර්ශන?
පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් හොරු. ඒ නිසා සරත් ෆොන්සේකා මහත්තයාට දිනන්න පහසු නැහැ...
රටට, ජනතාවට සේවය කරන්න නම් ඔච්චර පොරකන්නේ නෑ. අරගලයෙන්වත් හැදිලා නැති පාටයි...
විශ්වාසයක් නැති ඩීල් ගහන අය වගේම වැඩ බැරි අය, ඇවිල්ලා වැඩක් නෑ. ඉල්ලන් කන්න එන්නත් එපා. එන්න කලින් රට හදන පිළිවෙල ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් පොල් මුඩ්ඩක් අතේ තියාගෙන ඉන්න...
කල් ඉකුත්වූ පරණ අයත් ඉන්නවානේ? බල තණ්හාවට වැඩිය දෙයක් කොහෙන්ද?
හොඳට හිතන්න, විපක්ෂය එක් අයෙකුට වඩා කෙනෙකු හෝ ඉදිරිපත් වුණොත් ජනාධිපති වෙන්නේ රනිල්... කෑදර නොවී එක් කෙනෙක් සටනට යන්න...
සරත් ෆොන්සේකාට මොකද වෙන්නේ?
රනිල්, ඩලස් දෙන්නාගෙන්ම කරගන්න හදන්නේ රාජපක්ෂ හොරුන්ව සුරැකීම සහ නාමල්ගේ රජකම ගොඩනැගීම.. මේ රට දියුණු වෙන්නේ නැහැ මේ කපේට. මොකද දියවන්නාවේ ඉන්න ගෙම්බෝ බලයට විකිණෙන අහවල් වෘත්තිකයෝ....
රනිල් ආවොත් අරගලය දිගටම...