
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය.
කොරෝනා වසංගත තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට 2020 -2021 වසර වසර වල වරින් වර රට වසා දැමීමට සිදුවීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් පැවති ආර්ථික අර්බුදය තවදුරටත් වර්ධනය වීම සහ විදේශ විනිමය හිඟයකට මුහුණ දීමට රජයට සිදු වු බව එම ලිපියේ සඳහන් වෙයි.
ඒ තුළින් වූ අස්ථාවරත්වයට විසඳුමක් සෙවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරමින් සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මවිසින් හැම උත්සාහයක්ම ගනු ලැබූ බවද ඉල්ලා අස්වීමෙි ලිපියේ සඳහන් ය.
පොදු ජනතාවගේ සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ ඉල්ලීම අනුව ජනාධිපති ධුරයෙන් ජුලි 14 සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවද උපන් මව්බිමට මෙි දක්වා උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ අයුරින් ම ඉදිරියේදීත් දාායක වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමෙි ලිපියේ සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඇති ලැබිච්චි සහයෝගය. පිරෙන්නම ලැබුණා. මගේ කාර් එකත් අවුල් ගියා ඉන්ධන නැතුව... බිස්නස් එකත් එහෙමයි. ස්තුතියි හිතුවට... සුවබර විශ්‍රාම යුගයකට ප්‍රාර්ථනා කරමි.