(අංජුල මහික වීරරත්න)
දැඩි ආර්ථික පිඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉන්ධන,ගෑස් හා අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බැවින් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තමා තීරණය කර තිබෙන බවයි.
මෙම කඩිනම් සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කර සහන සැලසීම සඳහා තවත් අතිරේක මුදල් යෙදවීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
අහාර සුරක්ෂිතතා වැඩසටහනේ ක්‍රියාමාර්ග වේගවත් කර එම ක්‍රියාවලිය ශක්තිමත් කිරීමටද එම සාකච්ඡාවෙි දී වැඩබලන ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
ජනතාව වෙත ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇත.
එමෙන්ම ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය ඔවුනට සකස් කර දිය යුතු බවට ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ හරියට සහන දෙන්න කතාව මොනවා හරි බේගල් ටිකක් කියලා බලය ගන්න තමයි සූදානම. 6 වතාවක් රටේ අගමැති වුණා කියලා කයිවාරු ගහනවා. අන්තිමට රට ගෙනැල්ලා තියෙන තැන පේනවනේ... මේ පාරත් එහෙම තමයි.
දැඩි ආර්ථික පීඩනයට ලක් ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම, ජනතාව වෙත ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව මෙන්ම කඩිනමින් ලබාදෙන, ව්‍යාපාර බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති සහන වැඩපිළිවෙළට සමාන හෝ වෙනත් සාර්ථක වැඩසටහනක් ජූලි 20දින ජනාධිපති වීමට තරග කරනාවූ අනෙක් අපේක්ෂකයින් ඉදිරිපත් කරන්නේද? එසේ නොමැතිනම් හුදු ජනප්‍රියත්වයක් ලබාගැනීම සඳහා ඉදිරිපත් වන්නේද?
සතියකට වැඩ බලන ජනාධිපති කරන යෝජනා තේරුමක් නැත.
ඕක කරන හැටිත් එක්කම කිව්වනම් තමයි හොඳ...!
1- මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් හිමි කරගත් ජනාධිපතිවරයා වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතායි. 2- මෙරට දේශපාලනයේ ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම ජයගෙන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම 3- ඔහු මීට පෙර කිසිම මැතිවරණයකට ඉදිරිපත් වී තිබුනේ නැත. 4- පක්‍ෂ නායකයෙකු නොවූ එකම ජනාධිපතිවරයා ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාය 5- දේශපාලන ඉතිහාසය තුළ ජනතා ඡන්දයකින් තේරි පත් වී අඩුම කාලයක් තනතුර හොබවූ ජනාධිපති වන්නේද ඔහු වන අතර සිය ධූරයෙන් ඉල්ලා අස්වූ පළමු ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. 6- දරුණු ත්‍රස්ත ප්‍රභාකරන්ගෙන් රට බේරා දීලා ප්‍රභාකරන් කියූදෙයම වන " සිංහළයාට ඕනෑම දෙයක මතකය හත්දවසේ දානය දෙනකම් පමණි " සනාථ කළ එකම රටවැසියා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි.
සෑම රජයක්ම කරේ මිනිස්සු සහනාධාර වලට පුරුදු කරන එකයි. ඒකෙන් වුණේ මිනිස්සු මහන්සි වෙලා වැඩකරලා තමන්ගේ ආදායම ඇතිකර ගැනීමට කටයුතු නොකිරීමයි. එමනිසා රටේ ආර්ථික ක්‍රියාවලිය අඩපණ වුණා රට ණය භරිත වුණා. සහනාධාර දිය යුත්තේ අත්‍යාවශ්‍ය පිරිසකට නිශ්චිත ප්‍රමාණයක් නිශ්චිත කාලයකට පමණයි. හැමදාම මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ගෙන් බදු විදියටත් මුකුත් ආකාරයෙන් උපයා ගත්තු මුදල් නාස්ති කිරීමක් පමණයි වුණේ. විශේෂයෙන්ම අපනයනකරුවන්ගේ හා විදේශගත ශ්‍රමිකයන් ගේ ඩොලර්...
මේ රටේ මිනිස්සු දැන් හරි බුද්ධිමත්. මහ ඡන්දෙදී අන්ත පරාජයට පත්වුණු ඔබ ගෝඨාභයව බේරාගන්න නීති විරෝධී ලෙස ඇවිත් දැන් පින් අගමැති වෙලා ඊටත් පසුව පින් ජනාධිපති වෙන්න හිතනවා නම් ඒක සිහිනයක් පමණයි. ඔබට ඡන්දය දෙන මන්ත්‍රීලා ගැන අපි ගමේදී බලාගන්නම්...!
ඔබගේ මාමා වන ජේ ආර්... " ඇට වර්ග 8 ක් " දෙනවා කියා ඡන්දෙ දිනපු බව අපිට අමතක නැහැ.
බෙදන ක්‍රමය නොවෙයි, ගෙන්වන ක්‍රමය කියන්න, ණයට කවන්න හදනවා නම් ඒක තමන්ගේ හැකියාවක් නොවෙයි. කියන්න අපනයන වැඩිකරන හැටි, ආනයන අඩු කරන හැටි, රටේ කර්මාන්ත දියුණු කරන හැටි. අඩුගානේ තේ කම්හල් ටිකවත් හරියට දුවන්න ඉන්ධන දෙන්න ක්‍රමයක් හැදුවාද..?
මාස 02ක් අගමැති තනතුරේ ඉඳලත් ලැබුණු සහනයක් නැහැ. මෙතුවක් කල් තිබුණේම සාකච්ඡා. විශේෂ ප්‍රකාශ සහ රැස්වීම් විතරයි. සහනයක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. සයවතාවක් අගමැතිවෙලා රට වෙනුවෙන් කළ කිසිවක් නැහැ. තව ටික දවසකදී, දැනටමත් රට කෑවා.. පොහොට්ටුවේ ගොන් තඩියන් මෙයාව ජනාධිපති කළොත් රටේ ගන්නම දෙයක් නැතිවෙයි.
කොමිසමක් පත් කරමුනේ? 5 වතාවක් නොකර තවත් මොනවද? තවත් සහන නමින් සල්ලි අච්චු ගසා අපව උද්ධමනයෙන් නොමරා දැන්වත් යන්න...
කෝ අපේ බයියන්? දැන් රනිල් හොඳයිද?
මේ වෙලාවේ හැටියට ජනතාව මුහුණ දීලා තියෙන අර්බුදයට විසඳුම් දෙන එකයි අවශ්‍ය වෙන්නේ..?
මෙම තනතුරු දෙක ඔවුන් දෙදෙනාට ලබාදීමෙන් පසු මොවුන් දෙදෙනාම "ඉදිරි මස කිහිපය හෝ මැතිවරණයක් දක්වා රට පාලනය" ගෙන යනු ඇත. එසේ නොවන්නට ඉදිරි මැතිවරණයකදී පෝලිම්වල සිටිනා ජනතාව මොවුන් දෙදෙනා පිළිබඳව බලාපොරොත්තු තබා ඡන්දය ලබාදෙනු ඇත. එසේ වුවහොත් රටට වෙනසක් ලබාදිය නොහැකි තත්වයට සහ රට තවදුරටත් සුපුරුදු විනාශකාරී මාවතේ ගමන් කරනු ඇත. ඉදිරි මැතිවරණයකදී ලංකාවේ දේශපාලන ක්‍රමයේ වෙනසක් සහ අලුත් බහුතර කණඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීමට තරුණයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු වූ දේශපාලන වෙනස, කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පත්කරගැනීම වැනි අවස්ථාවන් සඳහා මාර්ග විවර වනු ඇත. රටට යහපතක් වෙන්නට නම් මොවුන් දෙදෙනා 20 වෙනිදා පාර්ලිමේන්තුව තුළ පවත්වන තාවකාලික ජනපතිවරයකු තොරගන්නා මැතිවරණයේදී අගමැති සහ ජනාධිපති තනතුරු දෙක අනුරට සහ සරත්ට ලබාදිය යුතුවේ...
ඉන්පසු ඉදිරි මැතිවරණයේදී රටට බහුතර අලුත් පිරිසක් සමග යහපත් රටක් සැමට ශ්‍රී ලාංකිකයන් සේ TREAT කරන්නා වූ කිසිඳු ආයතනයක් දේශපාලනිකරණය නොකරන්නා වූ කලාපිය සහ ගෝලීය දේශපාලනය සමග එක්ව කටයුතු කරන, රටේ ජනතාවට සත්‍ය සහ යථාර්තය ලබාදෙන්නා වූ පුරවැසියන් බලාපොරොත්තු වූ රටක් බිහිකිරීමට මූලික අවස්ථාව උදාවනු ඇත...
රාජ්‍ය නිලධාරින් ජීවන වියදම් ඉහළ යාමත් සමග බොහෝ අසරණ වී ඇත. ඔවුන්ගේ වැටුප් ඉහළ නොයෑම හේතුවෙන් වැටුපෙන් ජීවත් වීමට නොහැකි වී ඇත. ඔවුන්ගේ ණය, දරුවන් කටයුතු, ආහාර, බෙහෙත් වියදම් දැරීමට නොහැක. දැන් සිටින අඩු ආදායම් ලාභී පිරිස වන්නේ රාජ්‍ය නිලධාරීන්ය. කිසිම දෙයක් නොලැබෙන පිරිස ඔවුන් ය. එම පිරිසට සහනයක් ලබාදෙන්න.